Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජයසිරි ජයසේකර

1993 වසරේදී ‘රාවය’ පුවත්පතට උප කතුවරයකු ලෙස සම්බන්ධ වෙමින් පුවත්පත්කලාවට පිවිසි ඔහු වසර 13ක කාලයක් එහි පූර්ණකාලීනව සේවය කළේය. ඉන් වසර 8ක්ම එහි විශේෂාංග කර්තෘ ධුරය දැරීය.

ඉන් අනතුරුව ‘සියත’ සති අන්ත පුවත්පත නිර්මාණයට දායක වූ ඔහු එහි ආරම්භක විශේෂාංග කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. ‘ලංකා හෙරල්ඞ්’ පුවත් වෙබ් අඩවියේ සමාරම්භක කතුවරයාද විය.

ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් පළ කළ ‘ජනමාධ්‍යවේදීන් සඳහා මූලාශ‍්‍ර’ කෘතියේ සංස්කාරක වරයා වූ ඔහු නිර්මාණ හා ශාස්ත‍්‍රීය කෘති රැසක් සඳහා සංස්කරණයෙන් දායක වී ඇත. කෘති සැලසුම්කරණය මුද්‍රණය යන ක්ෂේත‍්‍රවලද දිගුකාලීන පළපුරුද්දක් සහිත වූවෙකි.

ජනමාධ්‍ය පුහුණුකරුවකු ලෙසද දිගු කලක සිට කටයුතු කරන ඔහු, විශේෂාංගකරණය, සංස්කරණය හා නිර්මාණශීලී ලේඛනය පිළිබඳ දේශකයෙකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයකු හා සමාජ ක‍්‍රියාකාරිකයකුද වන ජයසිරි, හඬක් නැති පිරිස් වෙනුවෙන් හඬක් නැඟීම උදෙසා සිය මාධ්‍ය මෙහෙවර ක‍්‍රියාත්මක කළ ජනමාධ්‍යවේදියෙකි.

ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරියෙකුද වෙයි.

[email protected]
මයිලඩියෙන් දකුණට පණිවිඩයක් :
‘පාලකයන්ට එපා ; මිනිසුන්ට කියන්න’
04.07.2016  |  සමාජ
එස්. තිරුලිංගනාදම්
මාසෙ ගෙවන්නෙ අමාරුවෙන්
05.06.2016  |  අනාවරණ