Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මෙලනි මානෙල් පෙරේරා

පාසල් අවධියේදීම සිය සන්නිවේදන ජීවිතය ආරම්භ කරන ඇය, සහජයෙන් ලත් සන්නිවේදන හැකියාවන් ජාතික තරුණසේවා සභාවෙන් හා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදෑරීමෙන් මුවහත් කර ගනියි.

ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදිකාවක, ප‍්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදිකාවක මෙන්ම ප‍්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙස ඇය සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ පිලිපීනයේ මැනිලා නුවර සිට විකාශනය කෙරෙන වෙරිටාස් ගුවන්විදුලියෙනි. ඒ 1998 දීය.
එහි වසර 07ක සේවයෙන් පසු ඇය ආසියානු කතෝලික පුවත් සේවයෙහි වාර්තාකාරිණියක ලෙස 2006 වසරේදී සේවයට එක් වෙයි. ඒ අතර මානව හිමිකම් ක‍්‍රියාධරයකු ලෙසද කටයුතු කරයි. එම වසරේදී රාවය පුවත්පතට සහ විවිධ සඟරා සහ ප‍්‍රකාශන වෙනුවෙන් සිය ලේඛන දායකත්වය ලබාදෙමින් සිටියි.

වසර 2007 සිට වර්තමානය තෙක් රෝමයේ සිට ක‍්‍රියාත්මක වන ආසියානු පුවත් සේවයෙහි (ඒෂියා නිවුස්) ලංකාවේ වාර්තාකාරිණිය ලෙස වගකීම දරයි.

ඡායාරූප ශිල්පිනියකද වන ඇය, ”අයිතිය” මානව හිමිකම් වෙබ් අඩවියෙහි සහය සංස්කාරිකාව මෙන්ම පුවත් ලිපි සම්පාදකවරියද වෙයි.
සාමය, මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය සිය මුලික විෂයපථයන් කරගනිමින් ජනමාධ්‍යවේදිනියක ලෙසට සිය වෘත්තිය මෙන්ම පෞද්ගලික දිවියද මෙහෙයවන්නීය.

[email protected]
මහලිංගම් උදයකුමාර්
විසඳගන්න තියෙන ප්‍රශ්න වැඩියි
05.06.2016  |  අනාවරණ