Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පද්මා කුමාරී කංකානම්ගේ

පද්මා කුමාරී කංකානම්ගේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපයෙන් මාධකරණයට පිවිසියා ය. 1990 වසරේ දී රාවය පුවත් පතේ නිදහස් ලේඛිකාවක වූ ඇය 1993 වසරේ සිට ලංකාදීපය පුවත්පතේ ප්‍රාදේශීය ලේඛිකාවක ලෙස එක්වූවා ය.
කොළඹ විශ්විද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාව හැදෑරූ ඈ, කතෝලික සිනමා පර්ෂදය (OCIC) මගින් මෙහෙයවන ලද සිනමා සහ රූපවාහිනී පාඨමාලාව, ආසියානු සිනමා කේන්ද්‍රය මෙහෙයවූ සිනමා රස වින්දන පාඨමාලාව ද හදාරා ඇත.
ඉංග්‍රීසි ඩිප්ලෝමා සහතිකයක් ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් විද්‍යා විෂය පිළිබද ගුරු පුහුණුව ද ලබා ඇති ඇය, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් උපදේශනය සහ මාර්ගෝපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.
2003 වසරේ දී "මාධ්‍ය සේවා කීර්ති ", 2005 වසරේ "මහ ජන සේවා"සම්මානය ද, 2014 වසරේ "කාන්තා ගරු සරු ප්‍රනාම "සම්මානය ද ඇයට හිමි විය.
මාධ්‍ය සංගම් පහක් එක්ව, 2008 වසරේදී සංවිධානය කළ මාධ්‍ය තරගාවලියේ, මහ ජන සේවා සම්මාන සහ මානව හිමිකම් පිළිබඳ වයඹ පළා ත් සම්මානයන් ද,මානව හිමිකම් පිළිබඳ ජාතික සම්මානය ද ඕ දිනා ගත්තා ය. 2015 වසරේ දී Inter news ආයතනය මෙහෙයවන ලද මැතිවරණ වාර්තාකරණය පිළිබඳ තරගාවලියේ,ජාතික සම්මානයක් ද, 2016 මත් උවදුර මැඬලීම උදෙසා ලබා දුන් මාධ්‍ය මෙහෙවර අගයා ජනාධිපති සම්මාන තිළිණ සහතිකයක් ද ඈ දිනා ගත්තාය.


[email protected]
'නිදි දෙව් දුව' උරණ වූ
ගම්පියසක කතාවක්
30.09.2016  |  සමාජ
ධීවර සුසුමින් -ගුවනට ඇදෙන
කල්පිටියේ පාට සරුංගල්
15.08.2016  |  සමාජ