Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
අවබෝධයක් නැති භික්ෂූන්ගේ මැදිහත්වීම භයානකයි

– ගල්කන්දේ ධම්මානන්ද හිමි

‘පාවහන් හා හිස්වැසුම් ගලවා ඇතුළුවන්නැ‘යි දැන්වීම් පුවරුවක් බොහෝ බෞද්ධ විහාරස්ථානවලට ඇතුළු වන තැන ප්‍රදර්ශනය කෙරේ. එහෙත් ඊට වෙනස් දැන්වීමක් එක්තරා විහාරස්ථානයක දොරකඩදී අපේ ඇස ගැසිණ. ”උපත මත බොහෝ විට තීරණය වූ ජාතිය, ජන වර්ගය, ආගම, කුලය ආදී අනන්‍යතාවලින් හැකිතාක් මිදී මෙම භූමියට ඇතුළු වන්න.“ ඒ වල්පොළ ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයයි. එහි අධිපති, ගල්කන්දේ ධම්මානන්ද […]

30.08.2016
කොළඹ නගරයේ නැවත පදිංචි කිරීම්:

අවුරුදු තිහට මොනවා වෙයිද කියලා කවුද දන්නෙ

සංවර්ධනය මුවාවෙන් තට්ටු නිවාස තුළට ගාල් කෙරුණු කොළඹ 02 ග්ලේනි වීදියේ දිවි ගෙවූ පවුල් 320 ක ජනතාව වෙනුවෙන් දෙමටගොඩ ‘මිහිඳුසෙන්පුර ‘තට්ටු නිවාස සංකීර්ණයේ සිට සිය කට හඬ මෙලෙස අවදි කළේ ෆරීඩා නෝනා ය. කොහොමද මේ ෆ්ලැට්එකේ ජීවිතේ? අලුත් පදිංචිය ගැන සතුටුද? කිසිම සතුටක් නෑ. මහපොළොවෙ උරුමයක් නැතිව හිරකාරයො වාගෙ ජීවත් වෙනවා. කලින් හිටපු තැනින් ඉවත් […]

06.08.2016

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා යාන්ත්‍රණ හතරක් පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මේ දිනවල දේශපාලන තලයේ සංවාදයට හේතු වී ඇති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයද ඉන් එකකි. විසාකා ධර්මදාස ඒ මගින් යුක්තිය ඉටු කරවාගැනීමට අපේක්ෂා කරන, ‘අතුරුදන් වූ හමුදා නිලධාරියකුගේ’ මවකි. ඇය අතුරුදහන් වූ රණවිරුවන්ගේ මාපිය සංවිධානයේ සභාපතිනිය ද වන්නී ය. ඔබ දිගු කලක් […]

27.07.2016
කාරුණික අත්වල පහස ඉල්ලන

යාපනයේ ‘සිංහල කඳුළු’

මෙය, යුද්ධය විසින් අහිමි කළ උරුමය යළි ඉල්ලා සිටින යාපනයේ ජනතාව ගැන කතාවකි. ඔවුන් ‘සිංහලයන්’ යැයි කීමෙන් ඒ ගැන ඔබේ අවධානය වෙනස් වනු ඇත්ද? යාපනය ගැන සකුන්තලාට තිබුණේ එකොළොස් හැවිරිදි දැරියකගේ මතකයකි. 30 වසරකට පසුව යාපනයට පය තැබූ ඇයට ඒ සොදුරු මතකයෙහි නටබුන් හෝ පියවි ඇසින් දැකගත හැකි වූයේ නැත. එහෙත්, නාවක්කුලි  ප්රදේශයේ අතීත මතක […]

28.06.2016
කන්දයියා ජයසීලන්

ඉතුරු කරන්න අවස්ථාවක් නෑ

නාවන්තුරෙයි හි දිවි ගෙවන කන්දයියා ජයසීලන් වෘත්තියෙන් ධීවර කාර්මිකයෙකි. දියණියන් දෙනෙකුගේ සහ පුතුන් තිදෙනකුගේ පියකු වන ඔහු පනස් හැවිරිදි ය. මේ ඔහු තම අය වැය වාර්තාව අප හමුවේ තැබූ අයුරුය. ඔබ කොපමණ උපයනවාද? ඒ කොහොමද? මාසෙකට 25 000ක් විතර ධීවර රැකියාවෙන් උපයනවා. … උපයන දේ වැයවෙන්නෙ කොහොමද? කෑම බීමට, දරුවන්ගෙ ඉගෙනුම් වැඩවලට වාගෙම කෑම බීමවලටත් […]

05.06.2016

යාපනය නගරයේ පන්නෙයි පාරේ එක් පසෙක වාඩි වී සිටින ඇය ගුරුනගර්හි ධීවර පවුලක බර උසුලන කලිච්චම්මාය. ඇගේ වත්මන් ජීවන තත්ත්වය පිළිබඳව අප සමඟ සංවාදගත වූයේ මෙලෙසිනි. දිනකට කොපමණ ආදායමක් උපයනවාද? දවසක ආදායම රු.300ත් 500ත් අතර වෙනවා. … ලැබෙන ආදායම වියදම් වෙන්නේ කොහොමද කියලා කිව්වොත්? ආදායමෙන් වැඩිපුරම වියදම් වෙන්නේ කෑමටයි දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලටයි තමයි. බෙහෙත් ටික […]

05.06.2016

යාපනයේ නාවන්තුරෙයි මාළු වෙළඳපොළ ඇගේ වැඩබිමය. තියුණු පිහියක්, කතුරක් අතැතිව සිටින ඇය නාවන්තුරෙයි මාළු වෙළඳපොළට මසුන් මිලදී ගැනීම පිණිස පැමිණෙන නෝනා මහතුන් මිලදී ගන්නා මාළු, ආහාරයට සුදුසු ලෙස සකස් කර දෙයි. නාවන්තුරෙයි වසන්තම්පුරම් හි පදිංචි කුනරාසා තංගමලර් (57) අම්මා  ලහි ලහියේම සිය රැකියාවේ නිරතවෙමින් ම ඇගේ ජීවිතයේ අය වැය ගැන කතා කළා ය. පවුලේ විස්තර […]

05.06.2016

ඇය නිමල විජිතා ය. සමාජශීලීත්වය පිරි ඇය එක්දරු මවකි. සිව් හැවිරිදි පුතුත් ධීවර තරුණයකු වන සැමියා බෙනඩික් සමඟ ඇය කල් යවන්නීය. ඇය මේ දිනවල අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන්නීය. 2009 වසරේ ඇය උසස් පෙළ ලියන විට පැවති යුද වාතාවරණයත්, සමාජයේ අස්ථිරතාවයත් නිසා විභාගයට සාර්ථකව මුහුණදීමට නොහැකි වූ බව ඇය කියයි. නාවන්තුරේ පදිංචි ඇය […]

05.06.2016
දේවලිංගම් භවානී

බඩු ගන්න සල්ලි නෑ

 යාපනය පලාලියේ මුල් පදිංචිකාරිණියක වන දේවලිංගම් භවානීට වයස අවුරුදු 50කි. ඇගේ වත්මන් පදිංචිය යාපනය උරුම්පිරායිහි නීදවාන් කඳවුර ය. 1990 ජූනි මස එල්.ටී.ටී.ඊය හා යුද හමුදාව අතර පැවති දරුණු සටන් නිසා ගේ දොර අතැර මෙහි පැමිණි ඔවුන් ගේ පවුලේ දරුවන් පස් දෙනෙකි. ඇගේ සැමියා වසර 06කට පෙර පිළිකා රෝගයෙන් මිය ගොස් ය. වසර 15ක් දියවැඩියාවෙන් පෙළීම […]

05.06.2016
කනගරත්නම් මුරුගදාසන්

ඉතුරු කරන්න සල්ලියක් නෑ

කනගරත්නම් මුරුගදාසන් චාවාකච්චේරි හි පදිංචිකරුවෙකි. වයස අවුරුදු 40ක් වන රැකියාව ලෙස කීර වගාවේ යෙදෙන ඔහුගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකි. මේ ඔහු සිය ආදායම හා වියදම පිළිබඳ දැක්වූ අදහස් ය. මාසික ආදායම කීයක් විතරද? රුපිල් 15,000ක් පමණ … ලැබෙන ආදායම වියදම් වෙන්නෙ මොනවටද? කන්න, බොන්න, ළමයගේ වැඩවලට, බිරිඳගේ වැඩවලට … ලැබෙන ආදායම ගැන සෑහීමකට පත් වෙනවද? නෑ. […]

05.06.2016
මහලිංගම් උදයකුමාර්

විසඳගන්න තියෙන ප්‍රශ්න වැඩියි

 මහලිංගම් උදයකුමාර් යාපනය  ඕට්ටුමඩම් වැසියෙකි.  යාපනය නගරයට ලොරිභාගයකින් දිනපතා  පැමිණෙන 39 වැනි වියේ පසුවන උදයකුමාර් නගරයේ පිහිටා ඇති දොරේඅප්පා ක‍්‍රිඩාංගණය අසල සිට තැඹිලි අලෙවි කරයි. ඔහු දරුවන් සය (06) දෙනෙකුගේ පියෙකි. 39 වැනි වියේ පසුවන ඔහුගේ බිරිය උදයකුමාර් සුදර්ශනී ද සමඟ ඔහු තම රැකියාවේ නිරතවෙයි. මේ ඔහු තම පවුලේ නඩත්තුව පිළිබඳ දැක්වූ අදහස් ය. මාසෙකට […]

05.06.2016
එස්. තිරුලිංගනාදම්

මාසෙ ගෙවන්නෙ අමාරුවෙන්

එස්. තිරුලිංගනාදම් සන්දිලිප්පායි හි පදිංචි අවුරුදු 53 ක තිදරු පියෙකි. වෘත්තියෙන් බස්රථ රියදුරෙකි. මේ ඔහු තම ආදායම හා වියදම පිළිබඳ කළ පැහැදිලි කිරීමකි. උපයන ආදායම කොහොමද? මාසෙකට දවස් 15ක් විතරයි වැඩ. දවසකට රුපියල්1200ක් හොයනවා. … වියදම් වෙන්නෙ මොනවටද? කෑමටයි දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුවලටයි වියදම් වෙන්නෙ. එම කටයුතු පවා කරගන්නෙ බොහොම අමාරුවෙන්. … ලැබෙන ආදායම මේ වැඩ […]

05.06.2016
ධර්මරාජා තුරෙයිරාසා

මොන විවේකයක්ද? හැමදාම වැඩ

ධර්මරාජා තුරෙයිරාසා යාපනයේ කෝපායි හි පදිංචිකරුවෙකි. වයස අවුරුදු හැටක් වන ඔහුගේ රැකියාව දුරගමන් සේවා පෞද්ගලික බස් රථවල ආසන වෙන් කිරීම ය. ඔහුගේ පවුලේ සාමාජිකයන් අට  දෙනෙකි. ඒ දුවලා 4 ක් හා පුතාලා 2ක් ද ඇතුළුව ය. බාලම දරුවාගේ වයස අවුරුදු 23කි. මේ ඔහු තම පවුල නඩත්තු කරන ආකාරය ගැන කළ පැහැදිලි කිරීමකි. කොහොමද මාසික ආදායම? […]

05.06.2016