Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසංධාන කටයුතු සාර්ථක වීමට නම් තවත් මූලික පියවර රැසක් ගත යුතුව ඇතැයි ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා කියයි.

22.09.2017
හැදෙන අලූත් ව්‍යවස්ථාවෙන්

රට බෙදෙන්නෙ නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ශ්‍රීලංකාවට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යයෙහි නිරත විද්වතුන් අතර ප්‍රමුඛයෙකි. ඔහු සමග කළ මේ සංවාදයෙන් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහි වන්නන් ගේ මත පිළිබඳ විමසා බැලීමක් සිදු කෙරේ.

01.08.2017
සම්මුතිවාදී දේශපාලනය තුළ

දෙමළ ජනතාවට ලැබෙන දෙයක් නැහැ !

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී සිවශක්ති ආනන්තන් ඔහුගේ ඡන්ද කොට්ඨාසය තුළ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු, දෙමළ දේශපාලන පක්ෂ අතර පවතින බෙදීම් හා කාන්තාවන් දේශපාලනය තුල ඔවුන්ගේ හඬ අවදි කිරීමේ වැදගත්කම පිලිබඳ ව සවිස්තරාත්මක සංවාදයක යෙදෙයි.

19.06.2017
උතුරේ ගැටලුවලට විසඳුම් ලබාගැනීමට

දෙපසේ ම සාමූහික උත්සාහයක් අවශ්‍යයි

යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්, දෙමළ සමාජය සමඟ මෙන්ම සිංහල සමාජය සමඟ ද සමීප සබඳතා ඇති විද්වතෙකි. සංහිඳියාව ගොඩනැගීම පිළිබඳ කිසිදු පාර්ශ්වයක අවධානයක් නොතිබූ සමයකදීත්, ඒ පිළිබඳ ප්‍රායෝගික භාවිතාවක නියැලුණු ඔහු, උතුර හා දකුණ අතර සංස්කෘතික සබඳතා ගොඩනැංවීම කෙරෙහි නිහඬව නමුත් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ඔහු අවධාරණය කරන්නේ උතුරේ ගැටලුවල විසඳුම් ලබාගැනීමේ මාවත ඇත්තේ ද උතුරේ හා දකුණේ සාමූහික උත්සාහයක් තුළ බවයි.

24.05.2017
බුද්ධාගමට තමයි ප්‍රමුඛත්වය:

කවුරුත් ඒක එපා කියන්නෙ නෑ

සංහිඳියාව ගොඩනැගීම හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලාංකීය සමාජය හමුවේ ඇති ප්‍රබල අභියෝග දෙකකි. ඒ උදෙසා, යෝජිත ව්‍යවස්ථාවේ කාර්යභාරය කෙබඳුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක ඒ පැනයට මෙසේ පිළිතුරු බඳියි.

06.04.2017

බලයට පත් වීමට පෙර ආණ්ඩුවේ නායකයන්ගේ ප්‍රධාන සටන්පාඨයක් වූ ‘නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම’ පිළිබඳ වත්මන් තත්ත්වය කෙබඳුද? පා.ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඒ පිළිබඳ ප්‍රමුඛ කාර්යධරයෙකි.

18.03.2017
සංහිඳියාව දේශපාලන සිතියමෙන්

ඉවතට තල්ලු වෙමින් යනවා

දෙවසරකට පෙර දේශපාලන කරළියේ ප්‍රමුඛම මාතෘකාවක්ව පැවති ‘සංහිඳියාව ගොඩනැගීමේ’ ක්‍රියාවලියේ වත්මන් තත්වය කෙබඳුද? මේ, ඒ පිළිබඳ නීතිඥවරියක, කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිණියක හා සංහිඳියා කාර්යය පිළිබඳ පුරෝගාමී මෙහෙවරක යෙදෙන්නියක ලෙස ප්‍රකට ජීවනී කාරියවසම් සමඟ කළ සාකච්ඡාවකි.

15.02.2017
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

එකම වගන්තියක්වත් තවම කෙටුම්පත් කරලා නැහැ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුව වනවා සේම, රටේ බහුතරයක් ජනතාවගේ ප්‍රමුඛතම අපේක්ෂාව ද වෙයි. එම ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය කෙබඳුද? රජය ඒ සඳහා පත් කළ මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙසේ පිළිතුරු බඳියි:

26.10.2016

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, යෝජිත නව මැතිවරණ ක්‍රමය අනුව පවත්වන බව රජය ප්‍රකාශ කර ඇතත්, තවමත් එම ක්‍රියාවලිය අවසන් වී නැත. මේ ගැන ඡන්දදායකයන් වන සාමාන්‍ය ජනතාවගේ අදහස කුමක්ද? මේ ගැන අදහස් දක්වන දිසානායක මුදියන්සෙලාගේ සුනිල් (47) කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ පදිංචි ඡන්දදායකයෙකි. වසර තිස් තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔහු කොළඹ කොටුව දුම්රිය ස්ථානය […]

04.08.2016
ලෙඩ රෝග, නූගත්කම, දුප්පත්කම ඉහවහා ගිය

කැලෑවටම අතහැර දැමූ තම්බපණ්ණියේ සිංහලයෝ

‘තම්බපණ්ණිය’ කව්රුත් දනිති. ‘ඇළපත්ගම’ ‘වන්නිපලූගොල්ලෑව’ සමහරුන් අසා තිබෙනවා වන්නට පුළුවන, එහෙත් කොක්පැටියාව, තුප්පිටියාව, මහඊරිකෑව ගැන කව්රු නම් දනිත්ද? මේ ගම්මාවල සැරිසරන කෙනෙකුට දැකගත හැකි වනු ඇත්තේ, ජාතියක වංශ කතාව සමඟ ඈඳුණු නමුත්, ජාතිය විසින් අතරමං කර දමා ඇති පරපුරක කටුක ඉරණමයි. ‘තම්බපණ්ණිය’ යන නම ඇසුණු විට, එය මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් හා බැඳුණු නාමයක් බව […]

10.06.2016