
ගහට පොත්ත වගේ
අපි එක්ක විරසක වෙලා හිටිය අල්ලපු ගමේ අය කිසිම දෙයක් නොවෙච්ච ගානට ආපහු අපේ වළං ගන්න ගමට ආවා ගියා. කොහොම වුණත්, අපිට අපේ නැති වෙච්ච ජීවිත ලැබුණා නේද කියලා ලොකු සතුටක් දැනුණා.”
for journalists ශ්‍රීලංකාවේ පුවත්පත්වල සංහිඳියාව පිළිබඳ මාධ්‍ය ආවරණය
වාර්තාව බාගත කරගන්න
දිරියවන්තිය නිශා
නිශා සරීෆ් ඉණෙන් පහළ අප්‍රාණික හා එහෙයින්ම අනාගතයේ සමාජ අනුකම්පාව මත දිවිගෙවිය යුතු යැයි සමාජ තීන්දුවට ලක්වූ දැරියකි. උපන්ගෙයි ආබාධිත තැනැත්තියක වූ නිශා සිය ආබාධිත බව හේතුවෙන් සිදු කෙරුණු නොසලකා හැරීම් හා පිළිකුල් කිරීම හමුවේ පන්නරය ලැබූ තවත් දිරිය දියණියකි.
මවු බසක මහිමය
පාසල නිමා කිරීමේ සීනු නාදය මුළු පරිසරය වෙලා ගනිද්දී හින්දු, කතෝලික, මුස්ලිම්, බෞද්ධ සියලු ළමයින් එක පෙළට සිට ගෙන ඡත්ත මානවක ගාථා ගැයූහ. ඒ හඬ එක ම ලතාවකට පාසල් බිම පුරාවට ම එක සේ විහිද ගියේ ය. එ තුළ කිසිදු ආගමික හෝ වාර්ගික ස්වරයක් ඇතුළත් ව තිබුණේ නැත.

මඩකළපුවේ සංහිඳියාව
සංහිඳියාවේ අගය රටකට දැනෙමින් පවතින යුගයක මඩකළපුවේ වැසියෝ සංහිඳියා පොද වැස්සක් අයදිමින් බලා සිටිති. ඒ, සුහදතාව නැතිවුණු තැන අත්වන සෙතක් නැති සේ ම සෑම ජනවර්ගයක ම වුවමනා සැපිරීමෙන් රටට අත්වෙන්නේ මහත් සෙතක් බව ඔවුන් අත්දැකීමෙන් ම අවබෝධ කොට ගෙන ඇති නිසාවෙනි.

හදවතින් පොහොසත්තු
හතළිස් නව හැවිරිදි මෙන්ඩිස් ගුණසේකර මට හමුවුණේ වව්නියාව සිදම්බරම්නගර් නැවත පදිංචි කිරීමේ ගමේදී ය. වව්නියාව නගරයේ සිට මේ ගමට ඇති දුර සැතපුම් හතක් පමණකි. එහෙත් පරිපාලන නගරයෙන් ඊට වඩා බොහෝ දුර ඈත පෙදෙසක් සේ එය බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ.

ගුරු – ගෝල සබඳතාව
පිරිවෙනේ පන්ති කාමරයක් තුළින් දෙමළ භාෂාවෙන් ගාථා සජ්ජායනය කරනු ඇසේ. සාමනේරයන් වහන්සේලා දෙමළ භාෂාවෙන් ධර්ම කරුණු විග්රහ කරමින් අදහස් පළ කරන්නේ උන්වහන්සේලාගේ මව් බස දෙමළ යැයි හැඟෙන තරම් අපූරුවටය. උන් වහන්සේලාගේ දෙමළ භාෂා උපදේශකවරිය වූයේ කතෝලික ආගම් කාරියක වූ පනස් හතරවියැති ජාතියෙන් දෙමළ වූ විමලා ජෝෂප් ය. වැනි වියේ ය. භික්ෂූන් වහන්සේ හා ඇය අතර පවත්නා ගුරු ගෝල සබඳතාවට ජාති, ආගම් කිසිත් බාදාවක් නොවන බව පන්ති කාමරය තුළ පැහැදිලිව දක්නට ලැබිණි.
සංහිඳියාවේ පෙම් පුවතක්
දශකයකට පෙර මේ යුවළ එකිනෙකාට වෛර කළ දෙදෙනෙකි. වසර කීපයකට පසු යුද්ධයේ නිමාවත් සමඟ ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ. ඉනික්බිති සිවිල් ආරක්ෂක භටයා සහ හිටපු එල්ටීටීඊ සෙබළිය රන් හුයෙන් බැඳිණි. දැන් ඔවුහු එක් පෙරමුණක සිට දිවි සටනේ නියැළෙති.
මැණික්හින්නේ ගුරුකම්
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පසු වැඩිම පාර්සල් ප්‍රමාණයක් හුවමාරු වන තැපැල් කන්තෝරුව මැණික්හින්න තැපැල් කාර්යාලයයි. මැණික්හින්න කූරගන්දෙණිය ගම්මානයේ පාරම්පරික නීචකුල බන්ධන හා රොඩී දැහැන් වශී ගුරුකම් කටයුතු සඳහා නන්දෙසින් වු ජනතාව තැපැල් මාර්ගිකව පිහිට පැතීම ඊට හේතුවයි.

පේරාදෙණිය සරසවිය
මල් ලියකම් සත්ප්‍රාසාද අතුරින් සියලු ජාතීන්ට එකට එකතු වී ශිල්ප කරන්නට හැකි අපූරු තෝතැන්නක් බවට පේරාදෙණිය සරසවිය පත් කිරීමට සර් අයිවෝ ජෙනිංග්ස් ගත් උත්සාහය පුදුම සහගත ය. ශ්‍රී ලංකාවේ ස්ථාපිත දසපන් සරසවි ගොන්න අතරින් සංහිඳියාවට මඟ කියන සරසවියක් වන්නේද, ඒ පේරාදෙණිය සරසවියම ය. එයට නිදසුන් සපයන්නේ එහි ඉදි කර තිබෙන සියලු ආගමික මධ්‍යස්ථානයි.