Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මහලිංගම් උදයකුමාර්
විසඳගන්න තියෙන ප්‍රශ්න වැඩියි

 මහලිංගම් උදයකුමාර් යාපනය  ඕට්ටුමඩම් වැසියෙකි.  යාපනය නගරයට ලොරිභාගයකින් දිනපතා  පැමිණෙන 39 වැනි වියේ පසුවන උදයකුමාර් නගරයේ පිහිටා ඇති දොරේඅප්පා ක‍්‍රිඩාංගණය අසල සිට තැඹිලි අලෙවි කරයි. ඔහු දරුවන් සය (06) දෙනෙකුගේ පියෙකි. 39 වැනි වියේ පසුවන ඔහුගේ බිරිය උදයකුමාර් සුදර්ශනී ද සමඟ ඔහු තම රැකියාවේ නිරතවෙයි. මේ ඔහු තම පවුලේ නඩත්තුව පිළිබඳ දැක්වූ අදහස් ය. මාසෙකට […]

05.06.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

 මහලිංගම් උදයකුමාර් යාපනය  ඕට්ටුමඩම් වැසියෙකි.  යාපනය නගරයට ලොරිභාගයකින් දිනපතා  පැමිණෙන 39 වැනි වියේ පසුවන උදයකුමාර් නගරයේ පිහිටා ඇති දොරේඅප්පා ක‍්‍රිඩාංගණය අසල සිට තැඹිලි අලෙවි කරයි. ඔහු දරුවන් සය (06) දෙනෙකුගේ පියෙකි. 39 වැනි වියේ පසුවන ඔහුගේ බිරිය උදයකුමාර් සුදර්ශනී ද සමඟ ඔහු තම රැකියාවේ නිරතවෙයි. මේ ඔහු තම පවුලේ නඩත්තුව පිළිබඳ දැක්වූ අදහස් ය.

මාසෙකට කොපමණ උපයනවද ?
සාමාන්‍යයෙන් රුපියල් 45,000 ක් විතර.

උපයන මුදල වැය වෙන්නෙ කොහොමද?
මූලිකව ම මගෙ පවුලෙ උදවියගේ කෑමට බීමටයි, එදිනෙදා මුහුණ දෙන්න සිද්ද වෙන ඕනැ එපාකම් වලටයි තමයි වියදම් වෙන්නෙ. පොඩි ළමයි ඉන්න නිසා නිතර නිතර බෙහෙත් ගන්න වැයකරන්නත් සිදුවෙනවා. ආහාරපාන වල මිළ ඉහළයි. අපි කන්නෙත් සරල දේවල්. කුකුල් මස් කන්නෙත් සතියකට එක දවසයි.

මාසිකව උපයන මුදල ගැන සෑහීමකට පත්වෙනවද ?
සෑහීමකට පත්වෙන්න අමාරුයි. ලැබෙන මුදලින් විසඳගන්න තියෙන ප්‍රශ්න වැඩියි. අපි  අපේ අම්ම තාත්ත් බලා ගන්නවා. යුද්දෙන් මහත්තයා මැරුණු මගේ සහෝදරියකගෙ පවුලේ ඕනෑඑපාකම් පිරිමහන්නෙත් අපි.  ඒ නංගිවත් එයාගේ පුංචි ළමයි දෙන්නවත් බලාගන්නෙ අපි.

දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුවලට කොපමණ මුදලක් වැය වෙනවද ?
මට දරුවො හයදෙනෙක් ඉන්නවා. දරුවො 04 දෙනෙක් ඉස්කෝලෙ යනවා. මේ හතර දෙනාට දවසකට රුපියල් 200ක් ගමන් වියදම් ඕනෑ. පන්ති ගාස්තුයි ඉස්කෝලෙ එක එක වැඩවලටයි මාසෙකට රුපියල් 2000ක් 3000ක් අතර වියදම් වෙනවා.

පවුලේ උදවියත් එක්ක විවේක කාලය ගතකරන්නෙ කොහොමද?
මේ බිස්නස් එක නිසා ලොකු විවේකයක් නැහැ. විවේකයක් හොයාගෙන හරි යන්නේ නෝනගෙ අම්ම තාත්ත බලන්න. වන්දනා ගමනක් යන්න, වෙනත් කොහෙවත් විනෝද ගමන් යන්න අපට ඉඩක් නෑ. ළමයින්ව එක්කගෙන විනෝද ගමන් ගියාම එයාලා ඉල්ලන දේවල් අරන් දෙන්න තරම් අතේ සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.

වියදම පියවගන්න උපයන මුදල ප‍්‍රමාණවත් ද ?
ප‍්‍රමාණවත් නෑ. ජිවන වියදමට මූණ දෙන්න අමාරුයි.  සැරෙන් සැරේ බඩු මිල ඉහළ යනවා. ඒත් රුපියල් 70 ට 80 වට විකුණන තැඹිලි ගෙඩියක මිල අපේ හිතුමතේට වෙනස් කරන්න බෑ.

ඉපැයීම ප‍්‍රමාණවත් නැත්නම් විකල්ප තියනවද ?
නෑ.  වෙනත් දෙයකට යොමුවෙන්න මට කාලයක් නෑ. දරුවො බලාගන්න තියෙන නිසා බිරිඳටත් වෙනත් දේකට යොමුවෙන්න කාලයක් නෑ. කොහොමහරි ඉතිං අපි ජීවත් වෙනවා.

මාසිකව යම් ඉතිරියක් කරනවද ?
ඉතිරිකරන්න නම් ඉතිං අමාරුයි. ඒත් අනිවාර්යෙන්ම රුපියල් 3000ක් ඉතුරුකරනවා, ඒ  රක්‍ෂණ වාරිකේ ගෙවන්න. ඒ ඇරෙන්න ඉතුරුකරන්න අමාරුයි.

/mahalingam--2