Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ලැබෙන ආදායම යැපෙන්න ඇති

ඇය නිමල විජිතා ය. සමාජශීලීත්වය පිරි ඇය එක්දරු මවකි. සිව් හැවිරිදි පුතුත් ධීවර තරුණයකු වන සැමියා බෙනඩික් සමඟ ඇය කල් යවන්නීය. ඇය මේ දිනවල අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන්නීය. 2009 වසරේ ඇය උසස් පෙළ ලියන විට පැවති යුද වාතාවරණයත්, සමාජයේ අස්ථිරතාවයත් නිසා විභාගයට සාර්ථකව මුහුණදීමට නොහැකි වූ බව ඇය කියයි. නාවන්තුරේ පදිංචි ඇය […]

05.06.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

ඇය නිමල විජිතා ය. සමාජශීලීත්වය පිරි ඇය එක්දරු මවකි. සිව් හැවිරිදි පුතුත් ධීවර තරුණයකු වන සැමියා බෙනඩික් සමඟ ඇය කල් යවන්නීය. ඇය මේ දිනවල අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන්නීය. 2009 වසරේ ඇය උසස් පෙළ ලියන විට පැවති යුද වාතාවරණයත්, සමාජයේ අස්ථිරතාවයත් නිසා විභාගයට සාර්ථකව මුහුණදීමට නොහැකි වූ බව ඇය කියයි. නාවන්තුරේ පදිංචි ඇය 26 හැවිරිදි ය. මේ ඇගේ ආදායම් හා වියදම් වාර්තාව ය.

උපයන මාසික ආදායම කොපමණද?
රුපියල් 20,000ත් 25,000ත් අතර ගණනක්

වියදම කොහොමද?
කෑමට විතරක් 15,000ක් යනවා.

ලැබෙන ආදායම ප‍්‍රමාණවත්ද?
දැනට යැපෙන්න ඇති.

විවේකය ගත කරන්නෙ කොහොමද?
පල්ලි යනව ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ.

අනාගත බලාපොරොත්තු මොනවද?
දැනට ඉන්න රක්ෂිත ඉඩම වෙනුවට අලුතින් ඉඩමක් අරගෙන ගෙයක් හදන එක. යුද්දෙ කාලෙ නිසා බොඳ වුණු උසස් පෙළ විභාගෙ ලියල ආණ්ඩුවෙ රස්සාවක් ලබා ගන්න එක.

/nimala-vijitha