Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අසල්වැසියා මට පෙනෙන හැටි:
ජාතිය මුල්කරගෙන කෙනෙක් තෝරන එක හරි නෑ

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

08.08.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

මල්කි ශ්‍රී මධුවන්ති
13 වන වසර (කලා)
බ/ඇල්ල මහා විද්‍යාලය

මල්කිට දෙමළ ජාතික යාළුවො ඉන්නවද?
මල්කි ශිෂ්‍යාවට සිංහල මෙන්ම දෙමළ මිතුරු මිතුරියන් සිටී.

කොහොමද ඒ යාළුකම ඇති වුණේ?
ඒ ගමේ උත්සවවලදි, අවට නිවාසවල දී, පංසලේ දී, කෝවිලේ දී, වාෙග්ම ක්‍රීඩාකරද්දි.

නාදුනන කෙනෙක් පාරෙදි හමුවුණාම, ඒ සිංහල කෙනෙක්ද දෙමළ කෙනෙක්ද කියල අදුනගන්නෙ කොහොමද?                                        මෙහෙ පළතේ සිංහල දෙමළ හැමෝම ඉන්නවා.මඟතොට දී ඒ හැම අයම හම්බ වෙනවා.බැලූ බැල්මට නාදුණන කෙනෙකු දෙමළ ද සිංහල ද
කියලා කියන්න නම් බෑ.ඒත් සමහර විට නහයට කරාඹුවක් දාගෙන ඉන්න කාන්තාවක්,නළලේ පොට්ටුවක් තියාගෙන ඉන්න කෙනෙකු දෙමළ කියලා හිතන්තපුළුවන්. හැබැයි එහෙම සිංහල අයත් ඉන්නවා.

කවද හරි දවසක ඔයාට හොඳ දෙමළ තරුණයෙකු හමුවුණොත් විවාහ වෙනවද ?                                                                             මම විවාහ වෙන කාලේ වෙනකොට ඒ තෝරාගන්නා සහකරු දෙමළ සිංහල ද කියන එක නෙවේ ප්‍රධාන සාධකය වෙන්නේ. ඒ කෙනොගේ ගතිගුණ.උගත්කම්,හැසිරීම,රැකියාව වාගේ ලක්ෂණ බලන්න වෙනවා. නැතිනම් ගැලපෙන කෙනෙක් වෙන්නේ නෑ.එකට ජීවත්වෙන්න ගැලපෙන කෙනෙක් වෙන්න අවශ්‍ය යිනේ.ඒ මිසක් ජාතිය මුල්කරගෙන කෙනෙක් තොරන එක හරි කියලා මට හිතෙන්නේ නෑ.

මල්කිට දෙමළ කතාකරන්න පුළුවන්ද?
මටත් දෙමලෙන් අත්‍යාවශ්‍ය දෙයක් කතාකරගන්න පුළුවන්.මම දෙමළ ඉගෙන ගන්න හරි ආසයි.ඒත් මේ දෙමළ යාළුවෝ ඔක්කොමලා මාත් එක්ක කතා කරන්නේ සිංහලෙන් නිසා මට දෙමළ භාවිතාකරගෙන ඉගෙනගන්න ලැබෙන්නේ නෑ.

කිව්ව ගමන් මතකයට එන දෙමළ පුද්ගලයෙක් ඉන්නවද ?                                                                                                            අපේ පාසලේ දෙමළ උගන්වන ගුරු තුමා දෙමළ කෙනෙක්.අපි එයාව ඉහළින් අදහනවා.එයාට ගරු කරනවා.