Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
සිංහල දෙමළ  සංහිඳියාවේ දිශානතිය

යාපනය සිංහල මහා විද්‍යාලය

ජාති ‍භේදයකින් තොරව එදා උතුරේ දරුවන්ට ශිල්ප බෙදු යාපනය සිංහල මහා විද්‍යාලයේ නටබුන් තුළ සැඟව ඇත්තේ, කලකට පෙර යාපා පටුනේ දිශානතිය වු සිංහල දෙමළ සංහිඳියාවයි.

07.03.2019
ජාත්‍යන්තරය ජය ගත්

විවිධත්වයේ ආදර්ශය

අතීතයේ සිට අද දක්වාම ගල්කඩපතන වැසියන් විවිධත්වයට මෙන්ම අන්‍යයන්ට ගරු කිරිමට පුරුදු පුහුණුව සිටිති. එයට අඩිතාලම වැටී ඇත්තේ ඔවුන් ශිල්ප හැදෑරූ විදු පියසිනි.

28.02.2019
දරු රැස රොද බඳින

මවු බසක මහිමය

පාසල නිමා කිරීමේ සීනු නාදය මුළු පරිසරය වෙලා ගනිද්දී හින්දු, කතෝලික, මුස්ලිම්, බෞද්ධ සියලු ළමයින් එක පෙළට සිට ගෙන ඡත්ත මානවක ගාථා ගැයූහ. ඒ හඬ එක ම ලතාවකට පාසල් බිම පුරාවට ම එක සේ විහිද ගියේ ය. එ තුළ කිසිදු ආගමික හෝ වාර්ගික ස්වරයක් ඇතුළත් ව තිබුණේ නැත.

19.11.2018
මීගමුවෙන් උතුරට යන

ද්විභාෂික මුහුදු පුත්තු

මීගමු ධීවරයින් හැබැවින්ම ද්විභාෂික මුහුදු පුත්තු ලෙස හඬ නගන්නේත් උතුරු දකුණු ධීවර උරුමය වෙනුවෙනි. ඔවුන්ට අනුව එකම රටක මුහුදු පුත්තු බෙදන්නට භාෂාවකට නුපුලුවන.

20.02.2019
තල් හකුරු හංගන

යාපනේ කුල වක්කඩ

දකුණේ හකුරු කුලය ලෙස පීඩනයට හා අවඥාවට භාජනය කර ඇති පිරිස මෙන්ම උතුරේද තල් රා කර්මාන්තයේ නියුක්ත පල්ළරන් කුලයේ ජනයා අඩු කුලයක් ලෙස සැලකුම් ලැබීමේ අවඥාවට හා අමානුෂික වේදනාවට ගොදුරුව සිටිති.

11.03.2019
එකිනෙකා අතර අවබෝධය ඇති කර ගැනීම

බහුවිධතාවේ මූලික අරමුණක්

බහුත්වවාදය යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. සමාජ බෙදුම් රේඛා අතර ක්‍රියාකාරී අයුරින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවයේ වැදගත් ලක්ෂණයකැයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් කියයි.

24.02.2019
පස මිතුරු කඳවුරු දෙකක් යා කළ

සංහිඳියාවේ පෙම් පුවතක්

 දශකයකට පෙර මේ යුවළ එකිනෙකාට වෛර  කළ දෙදෙනෙකි. වසර කීපයකට පසු යුද්ධයේ නිමාවත් සමඟ ඔවුහු පෙම්වතුන්  බවට පත්වූහ. ඉනික්බිති සිවිල් ආරක්ෂක භටයා සහ හිටපු එල්ටීටීඊ සෙබළිය රන් හුයෙන් බැඳිණි. දැන් ඔවුහු එක් පෙරමුණක සිට දිවි සටනේ නියැළෙති.

08.11.2018
කංකෙඳිරියකින් ඔබ්බට නොගිය

මඩකළපුවේ සංහිඳියාව

සංහිඳියාවේ අගය රටකට දැනෙමින් පවතින යුගයක මඩකළපුවේ වැසියෝ සංහිඳියා පොද වැස්සක් අයදිමින් බලා සිටිති. ඒ, සුහදතාව නැතිවුණු තැන අත්වන සෙතක් නැති සේ ම සෑම ජනවර්ගයක ම වුවමනා සැපිරීමෙන් රටට අත්වෙන්නේ මහත් සෙතක් බව ඔවුන් අත්දැකීමෙන් ම අවබෝධ කොට ගෙන ඇති නිසාවෙනි.

23.10.2018
අපේ රස්සාවයි සිංහල අයයි

ගහට පොත්ත වගේ

අපි එක්ක විරසක වෙලා හිටිය අල්ලපු ගමේ අය කිසිම දෙයක් නොවෙච්ච ගානට ආපහු අපේ වළං ගන්න ගමට ආවා ගියා. කොහොම වුණත්, අපිට අපේ නැති වෙච්ච ජීවිත ලැබුණා නේද කියලා ලොකු සතුටක් දැනුණා.”

24.01.2019