Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උපුල් හේරත්

අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන, වසර 11ක් තිස්සේ මාධ්‍යකරණයේ නිරත ‘උපුල් හේරත්’ ලංකාදීප පුවත්පතේ තලාව වාර්තාකරු ලෙස සේවය කරයි. පොදු ජනතාවගේ ගැටලූ සංවේදී ආකාරයෙන් වාර්තා කිරීමට සමත් මාධ්‍යවේදියෙකු වන ඔහු, මාධ්‍යවේදීන් අතර සුවිශේෂ අනන්‍යතාවක් සහිත වූවෙකි.

2005 වසරේදී සිය වෘත්තියෙන් විශ‍්‍රාම ලැබීමෙන් පසු ‘උපුල් හේරත්’ නමින් මාධ්‍යකරණයට පිවිසෙන ‘රත්නායක මුදියන්සේලාගේ හේරත් බණ්ඩාර’ ඉන් පෙර පොලිස් සැරයන්වරයෙකි. ‘ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයෙහි’ සේවය කළ ඔහු, කොළඹ මහ බැංකුවට එල්ල වූ ප‍්‍රහාරය ඇතුළුව අපරාධ 115ක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් විශිෂ්ට සේවා ඇගැයීම්වලට ලක් වූවෙකි.

දීර්ඝ කාලීන වෘත්තීය පළපුරුද්ද මාධ්‍යකරණය සඳහා උපයෝගී කරගන්නා හේරත්, ජනමාධ්‍යකරණය පිළිබඳවද පුහුණුවීම් රැුසකට සහභාගී වී තිබේ.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ දෙමළ භාෂා විභාගයේදී සම්මානයක් හිමි කර ගැනීමටද ඔහු සමත් විය.



[email protected]
රජරටින් ඇසෙන
නියඟයේ අඳෝනාව
30.08.2017  |  අනාවරණ
මුකුණුඔයේ පතුලේ කිමිද
දරුවන්ට පණ පොවන ගැහැනිය
19.09.2016  |  සමාජ
ලෙඩ රෝග, නූගත්කම, දුප්පත්කම ඉහවහා ගිය
කැලෑවටම අතහැර දැමූ තම්බපණ්ණියේ සිංහලයෝ
10.06.2016  |  දේශපාලන