Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
පොඩි මිනිසුන්ගේ-ලොකු වැඩට අත දෙන

අරමුදල් රැස්කිරීමේ උත්සවය

මහේශාඛ්‍ය බැංකු අභිමුව සිය සුදුසුකම් පෙන්වීමට අපොහොසත් වන ශ‍්‍රී ලාංකීය ගම් වැසියන්ගෙන් බොහෝ දෙනෙක් මූල්‍ය අවශ්‍යතාවලදී තමන්ට සමීප විය හැකි විකල්ප මාර්ග සොයා යති. මේ උතුරේ ග‍්‍රාමීය ජනතාව අතර ප‍්‍රචලිත එවැනි අපූරු ක‍්‍රමවේදයකි.

22.11.2016
ශ්‍රීලංකා ආර්ථිකයෙහි වත්මන් තත්ත්වය:

මේ අය යන්නෙත් ඒ පාරෙමයි

ප්‍රවීණ ආර්ථික විශේෂඥයෙකු වන චන්ද්‍රා ජයරත්න ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ශ්‍රීලංකා ආර්ථිකයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ ඔහුගේ තක්සේරුව කෙබඳුද?

02.11.2016
යාන් ඔයට බිලිවන

පඹුරුගස්වැව උරුමය

පරම්පරා ගණනක් තිස්සේ ඔවුහු ඒ පොළොව සරු කළහ. යුද්ධය පැවති තිස් වසරක් මුළුල්ලේ ජීවිතය පරදුවට තබා ඒ පොළොව රැකගත්හ. දැන් සංවර්ධනයේ නාමයෙන් ඒ පොළොව ඔවුන්ගෙන් උදුරාගනිමින් තිබේ.

29.09.2016
පුරවැසිකම උගසට තබා

රා බොන මිනිස්සු

මත්පැන් බීම හෝ නොබීම පුද්ගලයකුගේ අයිතියකි. එහෙත් එයින් ශිෂ්ටාචාරයක් වැනසෙන තැනට පත්ව තිබේ නම් එය වහා පිළියම් සෙවිය යුතු ඛේදවාචකයකි.

26.09.2016
උමං යකු බිලි ගත්

ඌවේ අඳෝනාව

උමා ඔය සංවර්ධන යෝජනා ක්‍රමය, එවැන්නකදී සලකා බැලිය යුතු සාධක සියල්ල නොතකා, පාලකයකුගේ තනි කැමැත්ත මත ඇරඹුණකි. දැන් එය පොළොව යටින් ඇදී යන සුනාමියක් සේ ගම් බිම් වනසමින් ඉදිරියට යයි. අරුමය නම් විපතට පත් වූවන්ගේ අඳෝනාව විනා ඒ ගැන අන් කිසිදු තැනකින් හඬක් නොනැගීමය.

09.09.2016

 සිවලිංගම් සෙල්වරාජ් පිටකොටුව බස්තියන් මාවතේ තොග හා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන්නෙකි. රුපියල් 32 000කට වැඩි පිරිවැටුමක් සහිත ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරයට වැට් බදු වැඩි කිරීම කවර අන්දමින් බලපානු ඇතිද? ඔබ ආණ්ඩුවට වැට් බදු ගෙවනවාද? ඔව්! අලුත් සංශෝධන අනුව වැට් බද්ද ගෙවන්න සිද්ද වෙලා තියෙනවා. වැට් බදු ගෙවන ආදායම් මට්ටම වෙනස් කිරීම ඔබට බලපාන්නෙ කොහොමද? ආදායම වැඩිවීමත් […]

05.08.2016

වාලික්කන් සෙල්වරාජ් පිටකොටුව වේල්ලවීදියේ සපත්තු අලූත්වැඩියා කිරීමේ රැකියාවේ නිරතවන්නෙකි. වැට් බදු වැඩි කිරීම ඔහුට කවර අන්දමින් බලපාවිද? ආණ්ඩුව වැට් බදු වැඩිකිරීම ගැන දන්නවද? ඔව් බදු වැඩිවුණා කියලා දන්නවා. බජාර් එකේ හැමෝමත් ඒ ගැන කතා වෙනවා. වැඩ කරගන්න එන මහත්තුරු නෝනලත් කතා වෙනවා. අහලා තමයි දන්නෙ මට පත්තර කියවන්න නම් බෑ. වැට් බදු වැඩිවීම ඔබට බලපාන්නේ […]

02.08.2016

තිලකසිරි රත්නායක, පිටකොටුව කෝප් ෆෙඞ් කිරිහලේ කළමනාකාරවරයාය. වැට් බදු සංශෝධනය ඔහු සේවය කරන වෙළෙඳ ව්‍යාපාරයට සෘජු බලපෑමක් නොකළත්, ඔහුගේ නිරීක්ෂණ, බදු වැඩි වීමෙන් ඇති කරන බලපෑම්වල සංකීර්ණ ස්වරූපය තේරුම්ගැනීමට අතිශය වැදගත් වේ. වැට් බදු වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන ඔබ දැනුවත්ද? ඔව්. ඒත් මේ ව්‍යාපාරය අයිතිවෙන්නෙ සමූපකාර සමිතියකට නිසා කෙළින්ම ඒකෙන් බලපෑමක් නෑ. […]

02.08.2016
යහපාලනය යටතේත්-උරුමකරුවන් ගස් යට

මහපොළොව නූහුලන පානම කොල්ලය

අධිකරණ තීන්දු, මානව හිමිකම් තීන්දු, කැබිනට් මණ්ඩල තීරණ යනාදී වග වාසගම් අසන සාමාන්‍ය පුරවැසියකු තුළ ජනිත වනු ඇත්තේ ගෞරව සම්ප‍්‍රයුක්ත හැඟීමකි. එහෙත් ඒ සියල්ල අතේ තබාගෙන, ආදි මානවයන් මෙන් ගස් යට දිවි ගෙවීමට සිදුව ඇති පානම වැසියන්ට ඒ වචන කෙසේ දැනෙනු ඇත්ද? ”මහත්වරුන්ට  ඕන නම් මගේ කිරි අත්තාගේ ඇටකටු ගොඩ දාලා මේ ඉඩමේ අපේ අයිතිය […]

12.06.2016