Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
පල්ලි - කෝවිල් යන, පන්සල් එන

මඩු පාරේ මිනිස්සු

මේ බිමේ කුංකුම තිලකය පවසන්නේ ජනවර්ගයේ අනන්‍යතාව නොවේ. එය පවසන්නේ උතුරේ සමගිය ගැන ය. පස් පව් ගැන පවසන්නේ බුද්ධාගමේ ය. එහෙත් ඒ වචන පිටවන්නේ හින්දූන්ට ආවේණික දෙමළ බසිනි. මෙය උතුරේ මිනිසුන්ට භාෂාව හෝ ආගම හෝ බෙදා වෙන්කර ගැනීමට වුවමනාවක් නැති බව පවසන තවත් කතාවකි.

16.07.2019
ගමේ හොඳ ම විශ්වාසවන්තයා

අද අවිශ්වාස ඇයි?

එදා මෙදාතුර සුරැකි සිංහල – මුස්ලිම් සබඳතා හා සුහදතාව පළුදු කළ හේතු කාරණා පිළිබඳ සිහිනුවණින් විමසා බලන්නටත්, එවැනි සිදුවීම් තවදුරටත් සිදුනොවනු පිණිස මුස්ලිම් ජනතාව පටු වර්ගවාදී ගොදුරු බවට පත්වීමෙන් වලක්වා ගනු සඳහාත් සිදු කෙරෙන වැඩපිළිවෙළක වුවමනාව අද වෙනදාටත් වඩා දැඩි ව දැනෙන්නකි. එවන් වැඩපිළිවෙළක් මුස්ලිම් ජනයා අතරින් ම ඉස්මතු වන්නේ නම් එහි අගය අපට වඩාත් දැනෙනු ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරයකු වන අසාද් ඉසදීන් මේ උත්සාහ දරන්නේ එවන් කටයුත්තක් උදෙසා ය.

29.06.2019
ළගන්නාසුලු වදනින් හාදකම් අමුණන

දිල්මි ෆාතිමා

චට චට නාදය සමඟ මැෂිමේ ඉඳිකටුව රෙදි පොටවල් දෙකක් වේගයෙන් එක්කරයි. එලෙස ම මුස්ලිම් යුවතියක වන ඕ, ආදරය දයාව පිරි සිංහල භාෂාවේ ළගන්නාසුලු වදනින් ගනුදෙනුකරුවන් ජාලයක් රැස්කරයි. ඒ ආදරයට ජාති, කුල මල බේදයක් නැත.

02.07.2019
ඔවුන්ගේ ස්මාරක වනසපු අපි

ඉතිරි කරගත්තෙ වෛරයක්

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මෙරට දෘෂ්‍ය කලා අවකාශයේ කේන්ද්‍රීය චරිතයකි. ප්‍රබල දේශපාලන අර්ථ ජනිත කරන ඔහු ගේ සමාජ මෙන් ම කලා භාවිතය ද ප්‍රකට කරන්නේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ හරස් කඩකි. කළු ජූලියට 35 වසරක් සපිරෙන මේ මොහොතේ ඔහු සිය නිර්මාණ එකතුවක් හරහා ඒ ඛේදවාචකය පුනර් කියවීමකට ලංකා සමාජයට ආරාධනා කරයි.

07.07.2019
අපි ජාති, ආගම් බේද ඔළුවට දාගෙන

ලොකු අවුලක් ඇති කරගෙන

මෙරට ආදිවාසී ජනතාවගේ වත්මන් නායකයා වන්නේ වනස්පති ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ය. වන්නියලෑ ඇත්තෝ මෙරට සමාජ,දේශපාලනික හා සංස්කෘතික කාරණා කෙරෙහි දැඩි සංවේදිතාවක් දක්වයි. මෙරට ජාතික ප්‍රශ්නවලදී සෑම අවස්ථාවකම මධ්‍යස්ථ මතයක රැඳී සිටිමින් කටයුතු කරන ඔහු, පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිව තිබෙන දේශපාලන හා සමාජ කාරණා සම්බන්ධයෙන් මෙසේ සිය හඬ අවදි කරයි.

10.07.2019
අන්තවාදය පිටුදකින්න මුස්ලිමුන්ගේ දෙවුර මත

පැටවී තිබෙන වගකීම සුවිශාලයි

අන්තවාදයට විසඳුම තවත් අන්තවාදයකින් උදාකර ගත නොහැකි අතර, විවේචනයට, සැක කිරීමට සහ පලිගැනීමට වඩා අවබෝධකර ගැනීම එහිදී වැදගත් ය. අන්තවාදි තර්ජන පරාජය කිරීමට සියලූම දෙනා එක් වී කටයුතු කිරීම කාලීන අවශ්‍යතාව බව කොළඹ, ඉස්ලාමීය දේවධර්ම ආචාර්ය, හෂිමි පදනමේ සභාපති සහ අන්තර් ආගමීක සාම පදනමේ භාණ්ඩාගාරික මවුලවී ලෆීර් මදනි (58) කියයි.

03.07.2019
අනර්ථය පිටු දකින්න

අර්ථවත් විසැඳුමක් ඕනෑ

පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරත් සමඟ ශ්‍රී ලාංකික සමාජය වෙනස්ම වූ අත්දැකීම් සමුදායකට මුහුණ දුන්නේ ය. එහි අනිටු පල විපාකවලින් පන්නරය ලත් වර්ගවාදීහු මිනිසුන් කලා පෙළන්නට එය ම අවියක් කොට ගත්හ. මේ අනර්ථකාරී බව සමාජයෙන් දුරැලීමට අප සතු ඉදිරි වගකීම් කෙබඳු ද? මේ ඒ ගැන වන විමසුමකි.

18.06.2019
දිවිය මනින මිම්ම ජාතිය නොවන බව පෙන්වූ

මැල්ලකැලේ ජනපදයේ සුජීවනී

ජීවිතයක අගය ජාතිය අනුව අඩු වැඩි නොවන බව අප උගෙන ඇති දහමින් කියා දෙන පාඩම ය. ඒ පාඩම යළිත් වරක් ලෝකයට කියා දෙන්නට තුම්මෝදර මැල්ලකැලේ ජනපදයේ සුජීවනී චන්දිමා දැරූ වෑයම බොහෝ දෙනා ගේ මුවග රැව් දෙන කතාවක් බවට අද පත් ව ඇත්තේ මේ සනාතන සත්‍යය එදා මෙන් ම අදටත් එක සේ වලංගු වන හෙයිනි.

18.05.2019
මිනිස්සු මිත්‍යාවෙ ගිලිලා ඉන්න තරමට

අවිශ්වාසය ඇති කරන්න ලේසියි

නීතීඥවරයෙකු, ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් දිනාගැනීමේ ජනතා සටන්වල නියමුවෙකු ලෙස දශක ගණනාවක් කටයුතු කර ඇති ඔහු, වර්තමානයේදී තොරතුරු කොමිසමේ සාමාජිකයෙකු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් සිය කාලය යොදවමින් සිටී. එස්.ජී. පුංචිහේවා වත්මන් සමාජ ඛේදවාචක පිළිබඳ මෙසේ සිය හඬ අවදි කරයි.

01.07.2019