වසර ගණනක් දුෂ්කර දිවියක් අවසන
ණයෙන් ගැලවීම
නිර්මල්කුමාර් සරෝජිනීට (51), ඇගේ ජීවිත සටන තුළ ණයකරුවන් ගෙන් ගැලවී සිටීමට, වසර ගණනක් දුෂ්කර දිවියක් ගෙවන්නට සිදු විය. බස්රථවල ගමන් කිරීමට මුදල් නොමැතිකම නිසා, ඇය සෑම දිනකම සැතපුම් ගණනාවක් ඇවිදගෙන ගියා ය. අද, ඇය විශ්වමඩු (මුලතිව්) හි ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම ඇය යටතේ සේවය කරන පිරිසක් ද වෙයි. මේ ඇගේ කතාව යි.
ඔබගේ පවුල් පසුබිම පිළිබඳව අපට කියන්න පුළුවන් ද?
මගේ උපන්ගම යාපනය. මගේ ස්වාමියා පුදුකුඩුඉරිප්පුවල (මුලතිව් දිස්ත්‍රික්කය). ඔහු යාපනයට නිතර පැමිණෙන ලොරිරථ රියදුරෙක්. අපි ආදරය කරලා, 1990 දී විවාහවුණා. ඉන්පසු, අපි විශ්වමඩු (මුලතිව් දිස්ත්‍රික්කය) වෙත පැමිණියා. අපිට පුතාලා දෙන්නෙකුයි, දුවලා දෙන්නෙකුයි ඉන්නවා. යුධ තත්ත්වය උත්සන්නවීමත් සමඟ, දරුවන් හතරදෙනා ඇති දැඩි කිරීම හා අධ්‍යාපනය ලබාදීම සඳහා ප්‍රමාණවත් ආදායමක් සපයාගැනීම අභියෝගයක් වුණා. 2006 දී අපි, නැවත යාපනයේ පදිංචියට ගියා. දවසක්, මගේ ස්වාමියා ලොරියක් වව්නියාවට ගෙනගිය අතර එහිදී ඔහුව උගුලකට අහුවුණා වගේම ඔහුට ආපසු ගෙදර එන්න බැරිවුණා; පසුව මේ අපහසුකම් මැද, මම දරුවෝ සමඟ වව්නියාවට ගියා.
අපේ පැවැත්ම සඳහා අපිට අරගල කරන්න සිද්ධවුණා. ස්ථිර ආදායම් උපයාගැනීමේ රැකියාවක් සොයාගැනීමට නොහැකිවුණා. 2009 යුද්ධය ඉවරවුණ ගමන්ම අපි ආපසු පුදුකුඩිඉරිප්පුවලට ආවා. යුද්ධයෙන් පසුව අදායම් මාර්ගයක් සොයාගැනීම ලෙහෙසි වුණේ නෑ. මගේ සැමියාට රැකියාවක් තිබුණේ නෑ. දිනකට තුන්වේල සපුරාගැනීම පවා අපහසුවුණා.
ඇයි ආපසු පුදුකුඩිඉරිප්පුවලට ගියේ?
අපි එහෙ ගියේ රැකියාවක් සොයා ගැනීමේ අදහසින්, නමුත් ඒක පහසු වුණේ නෑ. මම මගේ සැමියාට කිව්වා ස්වයං රැකියාවක් කරමු කියලා. ඔහු යෝජනා කළා අපිට “අප්පලම්” හදන්න පුළුවන් කියලා, මොකද ඒවා හදන ආකාරය ගැන යම් අත්දැකීමක් මට තිබුණා. ඉතින්, අපිට ආධාර ලෙස ලැබුණු හාල් මේ වැඩේ කරන්න භාවිතා කළා. අද වගේ ඒ කළේ හාල් කොටාගන්න ඇඹරුම්හල් තිබුණේ නෑ, ඒ නිසා හැමදේම අතින්ම කරගන්න සිදුවුණා. එම කාලය, ජනතාව නැවත පදිංචි වීම ආරම්භ කරපු කාලය. අප්පලම් විකිණීම සඳහා, මම බයිසිකලයෙන් සෑම කඩයකටම ගියා. ඒ ව්‍යාපාරය සාර්ථකව ගියේ නෑ. ඉන්පසුව, අපි සිමෙන්ති ගඩොල් හදන්න හා විකුණන්න පටන්ගත්තා. ගඩොල් ප්‍රවාහනය කිරීම සඳහා, මගේ ස්වාමියා කුඩා ට්‍රැක්ටරයක් කුලියටගත්තා.
අමුද්‍රව්‍ය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යවන වෘත්තියක් සඳහා ඔබ නැඹුරුවුනේ ඇයි?
මම ව්‍යාපාරය ආරම්භ කළේ ණයගැනීම මඟින්. ඒවනවිට, ප්‍රමාණවත් ලාභයක් ලැබුණා. එම ණය, මම ඉතා ඉක්මනින් ගෙව්වා. නමුත්, අවාසනාවකට මේ කාලයේ දී මගේ සැමියා අනතුරකට ලක්වුණා. එම නිසා, මට මෙම ව්‍යාපාරය අත්හරින්නට සිදුවුණා. මේ කාලය වනවිට, අනෙක් අයත් මෙම ව්‍යාපාරය කරන්නට පටන්ගෙන තිබුණා. මට තනිවම ඒ තරඟයට මුහුණදෙන්න බැරිවුණා.
ඔබගේ සැමියාට මොකද වුණේ?
අපේ ප්‍රදේශයේ ග්‍රාමසේවක, අපේ ට්‍රැක්ටරය හා ජල පොම්පය, ඔහුගේ ළිඳ පිරිසිදු කිරීම සඳහා රැගෙන ගියා, මගේ සැමියාත් ස්වේච්ඡාවෙන්ම ඔහුට උදව්කළා. මඩ හාරලා එළියට ගන්න ඕන නිසා ඔහු ළිඳ ඇතුළට බැහැලා, එහි දී මාළුවෙක් ඔහුව හපලා. ප්‍රතිකාර සඳහා රැගෙන ගියපසු, වෛද්‍යවරුන්ට ඔහුගේ පාදය ඉවත් කරන්න අවශ්‍යවුණා. එසේම, ඔහුගේ වකුගඩුවලටත් ඒක බලපාලා තිබුණා. පාදය ඉවත් නොකර ප්‍රතිකාර කරන ලෙස මම වෛද්‍යවරයාගෙන් අයැද සිටියා. ඒක රජයේ මූලික රෝහලක් නිසා, ඉතා අඩු පහසුකම් ඒකෙ තිබුනෙ; පෞද්ගලික රෝහලක ඔහුට ප්‍රතිකාර කළ හැකි බව වෛද්‍යවරයාගේ යෝජනාවවුණා. නමුත්, එය ලොකු වියදමක් යන දෙයක්. ඔවුන් පුදුමවුණා මේ ප්‍රතිකාරය සඳහා ධනය සපයන්න පුළුවන්ද කියලා. කිසිඳු දෙගිඩියාවකින් තොරව, මම වෛද්‍යවරයාට කිව්වා, කකුල ඉවත්නොකර ප්‍රතිකාර ඉදිරියට කරගෙන යන්න කියලා. එක එන්නතක වියදම රු: 15000.00 යි. දවස් දෙකක් තුළ රු:35000.00ක් වියදම් කරන්න මට සිද්ධවුණා. ඔහුගේ වකුගඩු ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීම නිසා මුත්‍රා පෙරීම සඳහා රු:3500 – රු:5000 මුදලක් වියදම් කිරීමට මට සිදුවුණා. මම මාස තුනක් තිස්සේ මේක කළා වගේම ඉහළ පොලියක් සහිතව ගතහැකි සැම තැනකින්ම මම මුදල් ගත්තා. එක්රැස් කරගත් සියළුම ණයවල එකතුව මිලියනකටත් වඩා වැඩිවුණා. ඔහුගේ පාදය බේරගත්තා, නමුත් ඔහු වසරකටත් වැඩි කාලයක් ඔත්පලව සිටියා. කිසිඳු ආදායමක් නොමැතිව, වෛද්‍ය වියදම් සමඟ පවුලේ නඩත්තුවත් දරාගැනීමට නොහැකි වුණා. මුදල් ලබාදුන්න අය මට කරදර කරන්නට පටන්ගත්තා.
ණය බර හා පවුල ගෙනයාම යන සාධක දෙක සමඟ ඔබ කටයුතු කළේ කෙසේ ද?
මුදල් ලබා දුන්න අය දිවා – රෑ දෙකේම ගෙදර එන්න පටන්ගත්තා. ඔවුන්ට මුහුණදෙන්න මට බැරිවුණා. මගේ මව සමඟ වාසයකරන්න, මම මගේ දරුවන්ව යාපනයට යැව්වා. උදෑසනම, මගේ සැමියාගේ සාත්තු කටයුතු සිදුකිරීමෙන් පසුව, මුදල් ලබාදුන් අය මඟහැර ඔවුන්ගෙන් පලායාමට සර්පයෙක් වාසයකරන තැන පිටුපස සෙවණක් තනාගෙන මම හිටියා. සර්පයන් මගේ නිවසේ අනාරාධිත අමුත්තන් වුණා, නමුත් ඔවුන් අපිට කවදාවත් හානියක් කළේ නෑ.
සමෘද්ධි, නැවත පදිංචිකිරීම් සඳහා රජයෙන් ලබාදෙන සහාය සහ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ලබාදෙන පොලි රහිත ණය පිළිබඳව ඔබ දැන සිටියේ නැද්ද?
නැවත පදිංචි කිරීමෙන් මාස කිහිපයකට පසුව, සමෘද්ධි සහන වශයෙන් රු: 3000ක් අපට ලැබුණා. මෙය ලබාගැනීමට, බස් කුලිය ලෙස රු: 80ක් වැය කරන්න මට සිදුවුණා. ඒ තරම්වත් මුදලක් සොයාගන්න බැරි කාලයක් පවා මට තිබුණා. එමනිසා, මම බාගයක් බස් රථයෙන් පැමිණ, ඉතිරි දුර පයින් ගියා. සමෘද්ධි සහනය ලැබෙන දිනවලට, මුදල් ලබාගත් අය පැමිණ එම මුදල් මගෙන් උදුරගෙන ගියා. මම අඬමින් ගෙදර ආවා. මම මටම වෛර කරන්න පටන්ගත්තා. මම නින්දිත ජිවිතයක් ගතකරමින් සිටිබව මට හිතන්නත් ලැජ්ජ යි. පසුව, මම දැනගත්තා රාජ්‍ය නොවන සංවිධාන මිනිසුන්ට උපකාරකරනවා කියලා. පසුව මට මතක්වුණා “පොල් සිවිය’’ ගැන, පොල් ලෙල්ලෙන් කෘෂිකර්මාන්තයට සිදුවෙන උපකාරය ගැන.
ඊට පස්සේ මොකද වුණේ?
මම ණය හිමියන්ට නිර්භීතව මුහුණදෙන්න තීරණය කළා. සර්ප වාසස්ථානය පිටුපස හැංගෙන්නෙ නැතිව, මම ගෙදරම ජිවත්වෙන්න පටන්ගත්තා. වාරික වශයෙන් ණය ගෙවන බවට මම ණයකරුවන්ට සහතික වුණා. ත්‍යාගශීලි සංවිධානයකින් මට උපකාර කළා. ඔවුන් වෙලාගත්තේ නෑ මට උදව් කරන්න. ඒවගේම රජය විසින් පවත්වාගෙන ගිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයකින් ද මට මඟපෙන්වනු ලැබුවා. පියවර තුනක් යටතේ, මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පුහුණුව පවත්වනුලැබුවා. ඉහළ ආත්ම විශ්වාසයක් සමඟ “ මුතුමාරි අම්මාන් කැබලි ” නම යටතේ මම කර්මාන්ත ශාලාවක් ආරම්භකළා.
අද සේවකයින් කී දෙනෙක් වැඩකරනවා ද කර්මන්ත ශාලාවේ? කොහොමද ව්‍යාපාරය සිදුවෙන්නේ?
කාන්තාවන් 13න් දෙනෙක් කර්මාන්තශාලාවේ වැඩකරනවා. විශ්වමඩුවල, මගේ සැමියාට අයිති අක්කර හතරක ඉඩමක පොල් වගාකරන්න මම සැළසුම්කරලා තියෙනවා. ළඟදීම අපේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ ඉඩමෙන්ම සපයාගන්න අපිට හැකිවේවි. මම ශ්‍රී ලංකාවෙන් පිටතත් වාණිජ සම්බන්ධතා හදාගෙන තියෙනවා. මගේ සැමියා ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය උපරිම සහය ලබාදෙනවා. මම මගේ ලොකු දුවව දැනටමත් බන්දලාදීලා තියෙන්නේ. අනෙක් තුන්දෙනා අපේ ව්‍යාපාරයට උදව් කරමින් ඉන්නවා. මම පොලියත් සමඟ සියළුම ණය ගෙවලා තියෙන්නෙ. ආධාර ලබාදුන් සංවිධානය විසින් ලබාදුන් යන්ත්‍ර කැඩී ගිය අතර, දැන් අපිට අපේ වියදමින් නව යන්ත්‍ර මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපේ නිෂ්පාදන ලංකාව තුළ අලෙවිකරනවා වගේම තායිලන්තය හා ඉන්දුනීසියාව ඇතුළුව විදේශීය රටවල් බොහොමයකට අපනයනය කරනවා.