අද වුවමනා උතුරත් - දකුණත් බිය නොවන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලිය බොහෝ දුරක් පැමිණ ඇත. එහි ඉදිරි ක්‍රියාවලිය තුළ මතු වන අභියෝග පිළිබඳ වඩා පුළුල් මනසකින් කටයුතු කරන්නට රජය ඇතුළු ව්‍යවස්ථා සම්පාදකයින්ගේ ද අවධානය යොමු ව පවතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ද ඉදිරි සති කිහිපය තුළ එළිදැක්වීමට නියමිතය. මෙම පසුබිම හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසීමේ ක්‍රියාවලිය අද අත්කරගෙන ඇති ප්‍රගතිය හා එහි වත්මන් තත්ත්වය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතල එකඟතා ඇති විය යුත්තේ රජය සහ උතුරේ දෙමළ ජනතාව අතර බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා දෙස බැලූ විට පෙනී යන්නේ එය ජාතික ප්‍රශ්නයෙන් ඔබ්බට පටු දේශපාලන කාරණා මත පදනම්ව විවේචනයට ලක් කෙරෙමින් තිබෙන බවකි. උදාහරණයක් ලෙස මහින්දානන්ද අලුත්ගමගේ සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබුණේ නව ව්‍යවස්ථාව යනු ජනාධිපතිවරයා එලවන්නට දරණ වෑයමක් බවය. මෙවැනි ප්‍රකාශවලින් පෙනෙන්නේ සමස්තයක් ලෙස රටේ උත්තරීතර නිතිය වෙනස් කරමින් රටේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ වගකිම්සහගත කාර්යභාරයෙන් ඔබ්බට ගොස් හුදු පටු ආන්තික සිමාවන්වල නව ව්‍යවස්ථාමය ක්‍රියාවලිය සිර වීමේ අවදානම පිළිබඳවය.
සංහිඳියාව කියන්නේ ව්‍යවස්ථා සම්පාදනයෙන් අපේක්ෂා කෙරෙන එක් අංගයක් විතරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන කටයුතු මන්දගාමී වීම හේතු කොටගෙන තවදුරටත් ජන කොටස් අතර බෙදීම් ඇති වනු ඇති බවද විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත. මීළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද සම්බන්ධන් මහතා අවධාරණය කර ඇත. විපක්ෂ නායකවරයා මේ බව පවසා ඇත්තේ ආර්ථික කටයුතු පිළිබඳ නෝර්වේජියානු නියෝජිත ජේන් ෆිරෝස් මහතා සමඟ පසුගියදා පැවැති හමුවේදී ය. වෙන කවරදාටත් වඩා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ බලාපොරොත්තු තබාගත හැක්කේ උතුරේ දෙමළ ජනයාගේ ප්‍රධාන දේශපාලන නායකත්වය වන දෙමළ ජාතික සන්ධානය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැමිණ සිටින ස්ථාවරය ය.
ව්‍යවස්ථාව සංහිඳියාවටද?ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියෙහි වත්මන් තත්වය පිළිබඳව පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ සංහිඳියාව ඇති කිරීමෙහිලා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් නොවන බවකි.
‘’ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා කිරීමේදී සංහිඳියාව කියන තැනට තමයි බොහෝ දුරට යන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අවබෝධයක් සංහිඳියාව බොහොම වැදගත් කාරණයක් බව ඇත්ත. නමුත් සංහිඳියාව කියන්නේ ව්‍යවස්ථා සම්පාදනයෙන් අපේක්ෂා කෙරෙන එක් අංගයක් විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ ඊළඟ අවුරුදු 20 ක් හෝ 100 ක් යනතෙක් මුළු රටටම වශ්‍ය වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමයි. සංහිඳියාව පමණක් මුල් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම හරි ක්‍රියාවක් හැටියට මා දකින්නෙ නෑ.
ජනතාවගේ ආර්ථික සමාජයීය සංවර්ධනය, සමස්ත රටේම දියුණුවයි. ඕනෑම මිනිසෙක් ඕනෑම පළාතක තමන්ගේ සංස්කෘතික, ආගමික, දේශපාලන, සමාජයීය, ආර්ථික අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකි තැනකට යනවා නම් ඒ සඳහා අවශ්‍ය මූලධර්ම සොයා ගැනීමට හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහායි.’’
මෙතෙක් ආ ගමන්මගජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව පත් කරනු ලැබීමත් සමඟ 2016 ජනවාරි මසදී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි පළමු අදියර ඇරඹිණි. මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත එම කමිටුවෙන් මගින් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළේය.
2016 මාර්තු 09 වෙනිදා ශ්‍රීලංකා ඉතිහාසයේ පළමු වන වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් පත් කරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ප්‍රධාන කමිටුව වන්නේ මෙහෙයුම් කමිටුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සැකසීමේ වගකීම ඇත්තේ මෙහෙයුම් කමිටුවට ය. මෙහෙයුම් කමිටුවට සහාය දීම සඳහා වන අනුකමිටු හයක් පත් කෙරිණි. එම අනුකමිටු හය වන්නේ මූලික අයිතිවාසිකම්, අධිකරණ, මුදල්, ජාතික හා මහජන ආරක්ෂාව හා පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය සේවය , මධ්‍යම පර්යන්ත සබඳතා ය.
උතුරේ ජනතාව ඒකීය කියන වචනයට බයයි. දකුණේ ජනතාව ෆෙඩරල් කියන වචනයට බයයි.
මෙහෙයුම් කමිටුව හැත්තෑ තුන් වරක් රැස් වූ අතර අවසාන වශයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 19 වැනිදා මෙහෙයුම් කමිටු වාර්තාව සභාගත විය. මෙහෙයුම් වාර්තාව ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. කොටස් දෙකක් වශයෙන් සහ නිරීක්ෂණ වශයෙන් වාර්තාව ඉදිරිපත් වී තිබෙන්නේ දේශපාලන පක්ෂ මගින් ඔවුනගේ අදහස් දැක්වීම් පූර්ණ එකඟතාවකට නොපැමිණීම හේතුවෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ය. අනුකමිටු වාර්තා ද සභාගත වී අවසන්ය.
ව්‍යවස්ථා ක්‍රියාවලිය අද කොතැනද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු එයට ෙම ෙලස පිළිනුරු ෙදයි.
‘’මේ සියලු වාර්තාවන් දැනට ජනගත වෙලයි තියෙන්නේ. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මස දවස් පහකුත් නොවැම්බර් මස මුලත් පාර්ලිමේන්තුව විවාද පැවැත්වුණා. එම විවාද අවසන් වෙලා නැවත වරක් මෙහෙයුම් කමිටුව රැස්වුණා. පසුව විද්වත් මඩුල්ලට නියෝග දුන්නා මේ තියෙන කරුණු කාරණා සැලකිල්ලට අරගෙන, විවාදවල කරුණු සැලකිල්ලට අරගෙන මෙහෙයුම් කමිටුවේ අවධානය සඳහා අවසාන වාර්තාවක් හෝ කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. මෙය අවසාන වාර්තාව නෙවෙයි. මෙහෙයුම් කමිටුව සඳහා ගැනෙන වර්තාවක් පමණයි. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තියෙන්නේ මෙතැනයි.
මේ අවස්ථාවේදී විද්වත් මඩුල්ල බොහොම මහන්සියෙන් ඒ කටයුතු කරගෙන යනවා. තව සති දෙකකින් හෝ තුනකින් වාර්තාව එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. එම වාර්තාව සලකා බලා අවසාන වාර්තාවක් මෙහෙයුම් කමිටුව විසින් පිළියෙළ කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.’’
අවසාන කෙටුම්පතයුරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසන අන්දමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් එම වාර්තාව හෝ අවසාන කෙටුම්පත සැලකිල්ලට ගැනීමෙන් පසුව කටයුතු කළ හැකි ආකාර තුනකි. 2016 මාර්තු මස 09 වැනිදා යෝජනා සම්මතයේ දක්වා තිබෙන ක්‍රියාවලියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් එම කෙටුම්පත සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ඡන්දයක් යා යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී තුනෙන් දෙකක ඡන්දයකින් මෙම ලේඛනය සම්මත විය යුතුව ඇත. නමුත් මෙම සම්මත වීමෙන් එම ලේඛනය නිත්‍යානුකුල ලේඛනයක් බවට පත් නොවන අතර එය සම්පුර්ණයෙන්ම දේශපාලන එකඟතාවක් පමණි. තුනෙන් දෙකක චන්දයක් එහිදී ලැබුනා හෝ නොලැබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසුරුවා හැරීම සිදු වේ. ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කවුරුවත් බියවිය යුතු ලේඛනයක් නෙවෙයි.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ දක්වා තිබෙන කරුණු හා බල තුලනය ගැනද යුරේෂා ප්‍රනාන්දු ෙම ෙලස කරුණු දක්වයි.
‘’උතුරේ ජනතාව ඒකීය (Unitary) කියන වචනයට බයයි. දකුණේ ජනතාව ෆෙඩරල් (Fedaral) කියන වචනයට බයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කවුරුවත් බියවිය යුතු ලේඛනයක් නෙවෙයි. සියලුම ජනතාවට සංහිඳියාවක් ලැබෙන්නට නම් මේ බියවිය යුතු තැනින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමකට යාමටයි දැනට යෝජනා වී තිබෙන්නේ.
ඒකීය – ෆෙඩරල්උතුරු පළාතට ගියොත් එතන තියෙන සම්පූර්ණයෙන් වෙනස් ප්‍රශ්න සමුහයක් තියෙනවා. ස්ත්‍රී මූලික කුටුම්භ ඒ වගේම යුද්ධයෙන් අවතැන් වූ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න වැනි යුද්ධයෙන් පසුව ඇතිවන ගැටලු සමූහයක් උතුරු පළාතේ තියනවා. ඌවට එද්දි විශේෂයෙන් දරිද්‍රතාවය, වතුර ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න වැනි ප්‍රශ්න සමූහයක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න නම් ඕනෑම බලයක් මෙහෙයවිය හැකි පහලම පාලන තන්ත්‍රයට එම බලය ලබාදිය යුතුයි.
ඒකීය රාජ්‍යයක් හෝ ඔරුමිත්තනාඩු කියන වචන පාවිච්චි කරලා වෙනම වචනයක් දීලා උතුරේ බියයි දකුණේ බියයි නැති කිරීමට හැකි පොදු තැනකට ආ යුතුයි. ඒ ක්‍රියාවලිය තුළ තමයි මේ දක්වා ඇවිල්ල තියෙන්නේ විශේෂයෙන්ම ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් ලබාදීම සඳහා.’’
මුස්ලිම් පක්ෂ ඇතුළුව දෙමළ පක්ෂ වල බොහොමයක් සාමාජිකයන් එකඟ ඔරුමිත්තනාඩු යන වචනයට එකඟතාව පළ කර තිබේ. මෙහෙයුම් කමිටුව සහ අතුරු කමිටු රැස්වෙන අවස්ථාවලදී මහ ඇමතිවරු හත් දෙනෙක් පැමිණ පළාත්වලට පැහැදිලි සහ වැඩි බලය බෙදීමක් ලබාදිය යුතුයි යනුවෙන් අදහස් දැක්වනු ලැබූහ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබාදී තිබෙන බලය බෙදීම නිරවුල් නොවන බවත් පළාතක් වශයෙන් කටයුතු කිරීමේ අපහසුතා තිබෙන නිසා පැහැදිලි බලය බෙදීමක් කළ යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.
යුරේෂා ප්‍රනාන්දු සඳහන් කරන්නේ අනුපූරකතා මූලධර්මය අනුව ලබාදිය යුතු බලය හැකි තරම් දුරට ලබාදීමක් සිදු කළ යුතු බව ය.