ගැටලු ආමන්ත්‍රණය නොකර
සංහිඳියාව ඇති කිරීම අභියෝගයක්
පසුගිය වසරේ සිට, යාපනය සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානය මඟින් අන්තර් – ජනවාර්ගික සහජීවනය පිළිබඳ හැඟීම් නිර්මාණය කිරීමේ අරමුණෙන් විවිධ වැඩසටහන් හා රැස්වීම් පවත්වයි. එම මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, නඩරාජා සුකිර්තරාජ් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.
ආණ්ඩුව බලයට පත්වන්නේ සංහිඳියාව පදනම් කරගත් පසුබිමක වුව ද, අප්‍රේල් 21වන දින ප්‍රහාරය වැළක්වීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. මෙම ප්‍රහාරය දෙමළ ජනයා මත වක්‍රාකාර බලපෑමක් ඇතිකර තිබෙනවා. මේ තත්ත්වය තුළ, ඔබ සංහිඳියාව සම්බන්ධ ක්‍රියාවන් පවත්වාගෙන යන්නේ කෙසේ ද?
සියලුම රටවල්වල සංහිඳියාව පිළිබඳ කතාබහට ලක්වෙනවා. කණ්ඩායම්, ආගම්, වාර්ගික ප්‍රජාව හෝ පවුල් අතර ඇතිවන ගැටුම් විසඳිය යුතුවෙනවා. සාමය හා සංහිඳියාව ඇති කිරීම උදෙසා කටයුතු කරන නිළධාරියෙකු ලෙස, අපි කළයුත්තේ ‘මහජනතාව අතර සංහිඳියාව ඇති කිරීම යි.’ දේශපාලකයන්, රජය, ජනාධිපති හෝ පාර්ලිමේන්තු නියෝජිතයන් සහජීවනයෙන් කටයුතු කළ ද, ඔවුන්ට ඔවුන්ගේම දේශපාලන න්‍යාය පත්‍රයන් පවතිනවා. නමුත්, මෙය ඔවුන් රට වෙනුවෙන් ගෙනඑනු ලබන සහජීවනය නොවෙයි. 10% ක පමණ ජනතාවක් පමණක් දේශපාලකයන් හා දේශපාලන පක්ෂවලට මිත්‍රව කටයුතු කරනවා. එමනිසා, මහජන සංහිඳියාව ඇතිකළ හැකි බවට බලාපොරොත්තුවක් අපේ සංවිධානයට තියෙනවා. සංහිඳියාව ස්වභාවිකව සිදුවිය යුතු අතරම, නීත්‍යානුකූලව, දේශපාලනිකව හා කෘත්‍රිමව ඇතිකළ නොහැකියි. ඔබට ජනතාව සමඟ සම්බන්ධවීමට අවශ්‍ය නම්, විවිධ පැතිකඩවලින් ඔබ ඒ දෙස බැලිය යුතුයි.
සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධ අභියෝගවලට අපට මුහුණදීමට හැකිවන්නේ කෙසේ ද?
ගැටලු නිසි පරිදි ආමන්ත්‍රණය නොකර, ජනතාව තුළ සංහිඳියාවක් ඇති කිරීම විශාල අභියෝගයක්. උතුරු, නැගෙනහිර දෙමළ ප්‍රජාව තුළ අවුල් සහගත බවක් ඇතිවී තිබෙන්නේ ඇයි? මේවා තමයි උතුරු, නැගෙනහිර ජනතාව සමඟ සකච්ඡා කළ යුතු ප්‍රශ්න. පසුගිය කාලයේ, සිංහල හා දෙමළ ප්‍රජාව අතර ගැටුමක් පැවතුණා. දැන් එය සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් වෙලා. දැන් පවතින ප්‍රධාන අභියෝගය තමයි සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාව අතර සන්නිවේදනය ගොඩනගන්නේ කෙසේද යන්න යි. ඔවුන්ට දේශපාලකයන් හා මාධ්‍ය සමඟ සම්බන්ධවීම අවහිර කරලා තියෙනවා. එය මහජනතාවට විවෘත කළ යුතු යි.
දේශපාලකයන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයින්. ඔවුන් ජනතාවගේ හඬ ලෙස දැකිය නොහැකි ද?
ඔව්. ඒක ඇත්ත. දේශපාලකයන්, කොහොමවුණත් නිරන්තරයෙන් ඉලක්ක කරන්නේ ඔවුන්ගේ බලය හා තනතුරු පිළිබඳ ආශාවන්වලට පමණයි. ඔවුන් දන්නවා තමන් අකමැති පාර්ශවයන් අපකීර්තියට පත්වන ආකාරයේ පුවත් විකෘති කරන ආකාරය මෙන්ම, ඔවුන් කැමති පාර්ශවයන් ප්‍රසිද්ධ කරන ආකාරය ගැන. ඔවුන් ගැටුම් නිර්මාණය කරනවා. දකුණේ ජනතාව දන්නේ නෑ දෙමළ පක්ෂ පිළිබඳව ඔවුන්ට ලැබෙන තොරතුරු වැරදි ද, නැත්නම් හරිද කියලා. මේ නිසා තමයි අපි මහජනතාව සමඟ ඍජුව සන්නිවේදනය ගෙන යායුතු වන්නේ. බහුතරය හෝ සුළුතරය පිළිබඳ නොසිතා මහජනතාව එකට එක්විය යුතුයි. අපට ඇහුම්කන් දීමට රජයට බලකළ යුතුයි. එයයි ජනතාවගේ ශක්තිය.
ඔබ පැවැත්වූ අන්තර්-ආගමික කතිකා පිළිබඳ අපිට කියන්න පුළුවන් ද?
අපේ කණ්ඩායම සත්‍ය හා සංහිඳියාව සඳහාවන මධ්‍යස්ථානය යි. අපි මෙවැනි සාකච්ඡා 2018 සිට පවත්වනවා. යාපනයේ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විවෘත කළ පසු, අපි ඒ සමඟ එකතුවෙලා මේ පිළිබඳ මහජනයා දැනුම්වත්කිරීම සිදු කළා. ජනතාවගේ සිතුවිලි සම්බන්ධයෙන්, ඔවුන් අතර පවතින බෙදීම් සම්බන්ධයෙන් සහ ජනතාව සිතන්නේ කුමන පැතිකඩවලින් ද යන්න පිළිබඳව අපි සාකච්ඡා කළා. ආගමික නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් එකට එකතු කිරීමෙන් සියලු ආගම් අතර සංහිඳියාව ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ සහ සංක්‍රාන්තික යුක්ති කෙටුම්පතේ, 6වන වගන්ති ප්‍රකාරව “නැවත එම සිදුවීම් ඇතිවීම වළක්වන්නේ” කෙසේද යන්නත් අපි විමර්ශනය කළා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, අපි දේශන දෙකක් සංවිධානය කර ආගමික නායකයන් හා ජනතා නියෝජිතයන්ට කතා කිරීමට ඉඩ සලසා දුන්නා. සියලු දෙනා තමන්ගේ අතෘප්තිමත් සිතුවිලි ප්‍රකාශ කළා. පාසල්වල මුරකපොලු හා සම්බන්ධ අධිකාරීත්වයන් සමඟ අපිට සාකච්ඡාවක් ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ද UNICEF හරහා දැනුවත් කළා. ඊට අමතරව, සහ-පැවැත්ම පිළිබඳ රැස්වීම් මෙන්ම ව්‍යාපෘතිත් අපි සිදු කළා.
තරුණ ප්‍රජාවට සහජීවනය පිළිබඳ ආශාවක් නොමැති බවටත්, ඔවුන් දැඩි මතධාරීන් බවටත් මහජනතාව චෝදනා කරනවා. මෙම තත්ත්වය, පුත්තලම හා උඩරට ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව පැවතීමට හේතුවෙලා තියෙනවා.
ඔබට කියන්න බෑ තරුණ ප්‍රජාවට සහජීවනය ඇතිකිරීම සම්බන්ධයෙන් කැමැත්තක් නෑ කියලා. අපි බලන්න ඕන ඇයි ඔවුන් එහෙම හැසිරෙන්නේ කියල. අත්දැකීම් හා මගපෙන්වීම් ඔවුන්ගේ ක්‍රියාවන් තීරණය කරනවා. ප්‍රචණ්ඩ මනසකින් යුතු පුද්ගලයන්, සමාජීය දැක්මක් ඇති පුද්ගලයන් බවට පරිවර්ථනය කරන්න පුළුවන්. ඒවා තමයි, ඔවුන් අනෙකුත් පුද්ගලයන් සමඟ පවතින සබඳතා හරහා තම මානසික ස්වරූපය වෙනස් කර ගැනීමෙන් ලබාගන්නා හැගීම් හා අත්දැකීම් වෙන්නෙ. අපි එක පැත්තක් පමණක් බලලා හරියන්නේ නෑ.
මේ අතරින්, බොහොමයක් උතුරේ තරුණයන් හිටියේ බලාපොරොත්තු විරහිත තත්ත්වයක. ඔවුන් ඉපදෙන්නේ අර්බුදකාරී වාතාවරණයක වගේම ඔවුන්ගේ ළමා කාලය ගෙවෙන්නේ යුද්ධයත් සමඟ. සියලු අවස්ථාවන් ඔවුන්ට අහිමි වෙලා තිබුණා වගේම නිසි මගපෙන්වීමක් ලැබුණේ නෑ. ඔවුන්ට ගැළපෙන රැකියා අවස්ථා තිබුණේ නෑ.
ඇතැම් දේශපාලකයන්, මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත්තා, එසේම ඔවුන්ට වැරදි මගපෙන්වීමක් සිදු කළා. කිසිම අමාත්‍යාංශයක් ඔවුන්ගේ මානසික පසුබිම වෙනස් කිරීමට සැලසුම් නොකළ අතරම රජය ද තරුණ ප්‍රජාවට හොඳ බලාපොරොත්තුවක් දීමට සැලසුම් කළේ නෑ. මේ නිසා තමයි, බොහෝදෙනා අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවුණේ.
වැඩිහිටි ප්‍රජාව, විශේෂයෙන් වයස අවුරුදු 75ට වඩා වැඩි දේශපාලකයන් ඇතුළු පිරිස නියෝජනය කරන්නේ තරුණ ප්‍රජාව. තරුණ සංවිධානවල නායකයන් ලෙස කටයුතු කරන වැඩිහිටි ප්‍රජාව ඔවුන්ගේ මරණය දක්වාම එම සංවිධානවල කටයුතු කරනවා. තරුණ ප්‍රජාවටත් එම සංවිධානවල අවස්ථා වගේම තීරණ ගැනීමේ සමාජ වගකීමද පැවරිය යුතුයි. එවිට පමණයි තරුණ ප්‍රජාවගේ ප්‍රචණ්ඩකාරී සිතුවිලි ඉවත් කළ හැකිවන්නේ.