සරත් මනුල වික්‍රම
1990දී ලේක්හවුස් වාර්තාකරුවකු ලෙස අනුරාධපුරයෙන් මාධ්‍යකරණයට පිවිසි සරත් මනුල වික‍්‍රම, 2000 වසරේ සිට ස්වාධීන රූපවාහිනියටත්, 2002 සිට විජය පුවත් පත් ආයතනයටත් සිය දායකත්වය සපයයි.මව්බිම පුවත් පත ආරම්භයේ සති අන්ත විශේෂාංග ලිපි මාලාවක් වසර දෙකක් පුරා නොකඩවා සැපයූ ඔහු, දිනමිණ පුවත්පත සඳහාද දෙවසරක් පුරා විශේෂ ලිපි මාලාවක් සම්පාදනය කළේය.
2007 වසරේදී ‘මහජන සේවා විශිෂ්ටතා සම්මානය’ හා සංවේදී පුවත් වාර්තාකරණය වෙනුවෙන් සම්මාන ලැබීය. බී.බී.සී. ආයතනය, රොයිටර් පුවත් සේවය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙහෙය වූ වැඩමුළුවලින් පුහුණුව ලබා ඇති මනුල, 2008 දී ඩෙන්මාර්කයේ පැවැත්වුණු ‘ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජයක මාධ්‍යයේ කාර්ය භාරය’ වැඩමුළුවටද සහභාගී විය.
ඡායාරූපකරණය හා විශේෂාංගකරණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන මනුල, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයයේ ශාස්ත‍්‍රවේදී උපාධිධරයෙකි, පූර්ණකාලීන වෘත්තියෙන් පාසල් ගුරුවරයෙකි.
ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡා පිළිබඳ ග‍්‍රන්ථයක් ඇතුළු ග‍්‍රන්ථ තුනක් ඔහු ලියා පළ කර තිබේ.
[email protected]
ලැබෙන ආදායම යැපෙන්න ඇති
05.06.2016 | අනාවරණ