කොටි පිස්තෝල කල්ලිය, වව්නියාවේ කොක්එළිය රණවිරු ගම්මානයට කඩා වැදී, එහි පදිංචිකරුවන්ට උතුරෙන් පිට වී යන ලෙස තර්ජනය කළ බවට ‘ගිනි ඇවිලෙනසුලු’ පුවතක් පසුගියදා සිංහල ජනමාධ්‍යවල පළ විය. කොක්එළියට ගිය අපට අසන්නට ලැබුණේ ඊට වෙනස් කතාවකි.
‘අරුණෝදනී’
ඇගේ දස්කම් දකින ඕනෑම මවක, පියකු මෙසේ සිතනු නොඅනුමානය. ‘අනේ ඇය මගේ දරුවකු වුණා නම්.’ එහෙත් ඇගේ කතාව ආරම්භයේදී මෙලොව කිසිම මවක හෝ පියකු එවන් දරුවකු නොපතනු ඇත. එහෙයින් මෙය, දිරිය මවක හා පියකු ගැන කතාවකැයි අපි ඔබට කියමු.
මදුරාසි කුමාරයා
ඔවුන් ආවේ මගහැරුණු මානව සම්බන්ධතාවක් සොයාගෙනය. ඒ අරමුණ ඉටු නොවුණු නමුත් වෙනත් සබඳතා විසින් ඔවුන් දිගටම මෙහි රඳවා තබනු ලැබිණි. දැන් ඔහු පිටස්තරයයෙකැයි කිව හැක්කේ කාටද?
එදා ‘වෙන් වීමේ’ අරමුණින් ගිනි අවි දැරූ ඇය අතෙහි අද ඇත්තේ පෑනකි. ඇය එයින් සිව්දෙස විසුරුවාහරින්නී ‘ආදරයේ වෙඩි උණ්ඩ ය!’
ඇත්තට ගෙවෙන ජීවිත
ඔවුන් ජීවත් වන නිවාස කොළඹ කෞතුකාගාරය තරම්ම පැරණිය. එහෙත් ඒවායේ අභ්‍යන්තරය, කෞතුකාගාරයෙහි මෙන් අභිමානවත් නැත. ඔවුන්ගේ ජීවිත ඇත්තේ මානව ගරුත්වය සියලූම මිනුම් දඬුවලට පහළිනි.
මිනිස්කමේ ඝණ්ටා නාදය
ශ්‍රී ලංකාව, ජාතිය හා ආගම මුල් කරගත් ගැටුම් නිසා කෙළවරක් නැතිව ලේ වැගිරවූ භූමියකි. විහාරහේන-එනසල්වත්ත නම් ලද පෙදෙසද එහි ම පැවතීම කවර ආශ්චර්යයක්ද?
ගම්පියසක කතාවක්
‘නිදා නොගන්නා ගමක් තියෙන්නේ’ යැයි ගීතයක් එක කාලයක ගුවන්විදුලියෙන් තොරතෝංචියක් නැතිව ප්‍රචාරය විය. මේත්, නිදා නොගන්නා ගමක් ගැන කතාවකි. එහෙත් ඔවුන්ගේ ජීවන පුවත ගීයෙහි මෙන් මිහිරි නොවේ.
දරුවන්ට පණ පොවන ගැහැනිය
මෙය ජීවත් වන්නට වෙර දරන ගැහැනියක පිළිබඳ කතාවකි. එහි පරිච්ඡේද බොහෝ ගණනක් ඉරණම විසින් ලියනු ලැබ තිබේ. ඉතිරි කොටස හෝ මිනිසුන්ට ලිවිය හැකිනම් කෙතරම් අගීද?
‘ඉතිරි වූ’ මිනිස්සු
39 දෙනකු පොළොවට වැළලූණු මීරියබැද්දේ ඛේදවාචකය නැරඹීමට ලක්ෂ ගණන් ජනතාව එහි ගියෝය. තමන්ට හැකි පමණින් ආධාර උපකාරද කළෝය. එයින් දෙවසරකට පසු, පොළොවෙහි නොවැළලී ඒ මත ඉතිරිවුණු ජීවිතවල ඉරණම කෙබඳුද?
රාජනායගම්
දසක ගණනක් පුරා දිග්ගැසුණු යුද්ධයෙන් වෙහෙසට පත් ව උතුරේ නින්දට පත් ගම් බොහොමයකි. පොන්වේලි ඒ අතරින් නැවත අවදි නොවූ තවත් ගමකි. ‘‘ඒ දවස්වල අපි බොහෝ දෙනෙක් මේ ගමේ ජීවත් වුණා. දැන් ඒ කවුරුත්ම මෙහෙ නෑ. ඒ හැම දෙනාම ගම අතෑරලා යන්න ගිහින්. මං විතරයි දැන් තනියෙන් මේ ගමේ ජීවත් වෙන්නේ’ යි මඳ සිනහවක් සමඟ රාජනායගම් […]
වැටුප් නොලබන ගුරුවරිය
මුත්තම්මා තම සේවය වෙනුවෙන් වැටුප් නොලබන එකම ගුරුවරිය විය හැකිය. එය කිසිවකු නොදත් නමුදු ඇයගේ වියමන් රටාව නොදත් එකියක මේ තල් වනය යටින් සොයා ගැනීම පහසු නොවනු ඇත. තල් කොළයේ ඇති රටාව ඊට ලැබුණේ සොබාදහමෙනි. මුත්තම්මා ඒ රටාව යළිත් ප‍්‍රතිනිර්මාණය කරන්නීය. ළා තල් ගොබ කීතු කීතු කරන ඇය ඒවා මඳ පවනේ වියළෙන්නට ඉඩ හරියි. හිතේ […]
‘එකම පවුලේ දෙන්නෙක්’
මේ එකම පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් ගැන කතාවකි. එකෙක් මුස්ලිම්ය, අනෙකා දෙමළය. කරවල කටු ඇනුණු දෑත ගොරෝසු වී ඇති බව දෙනෙත් නොපෙනෙන අය කීවේ ඒ දෑත සිනිඳුවට ස්පර්ශ කරමිනි. පවුලේ අය හඬා වැටුණත් අහමඩ් සිනාසුණේය. ජීවිතය ඇත්තේ මේ රළු බව තුළම බව පසක් කරමින් 2012 වසරේ අහමඩ් හුසේන් උපයා සපයා ගෙන ඉතිරි කළ සොච්චමින් තමන්ටම අයිති කරවල වාඩියක් […]
බස් පදවන සජින්තා
පුරුෂ මූලික සමාජය විසින් ස්ත්‍රියට දී ඇති සාම්ප්‍රදායික සීමාවන්ට අභියෝග කළ ස්ත්‍රීහු, නූතන ලෝකය තුළ අගනා මානව සම්පත් ලෙස බහුමානයට ලක් වෙති. ‘ලක්ෂි සජින්තා’ යනු ඒ අතරට ආඩම්බරයෙන් ඉදිරිපත් කළ හැකි ලාංකීය නිදර්ශනයකි. අප්පච්චිගේ ගරාජයේ විසේකාර කෙල්ලක් සිටියාය. නඩත්තු කටයුතු සඳහා ගරාජයේ නවතා තිබූ වාහනවලට නගින්නටත්, ඒවායේ නළා ශබ්ද කරන්නටත් සුක්කානම කරකවා බලන්නටත් ඇයට තිබුණේ […]
කල්පිටියේ පාට සරුංගල්
මේ දෙපිරිසක් ගැන කතාවකි. එක් පිරිසක් අහසේ පාවෙන සරුංගල්වල ආධාරයෙන් කලපු දිය මත ඇදී යන්නේ විනෝදයටය. අනෙක් පිරිස, තෙප්පමක හෝ ඔරුවක නැගී හබලක ආධාරයෙන් දිය මත පාවි යන්නේ කුසගිනි නිවාගනු පිණිසය. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටි අර්ධද්වීපයේ, සංචාරක පාරාදීසයේ, මුහුදු රළ මත සරුංගල් පැදීමේ (kite shurfing) උත්කර්ෂවත් සමය උදා වී ඇත. සුන්දර කලපු තීරයන් රැසකම විදේශීය ක්‍රීඩක […]
දෙවියන් වෙත යන මිනිසුන්ගේ ජීවකයා
එය දෙවියන් සොයා යන ගමනකි. එය අර්ථවත් වන්නේ ඒ අතරමගදී තවත් මිනිසුන්ද, තම තමන් තුළම සිටින මිනිසුන්ද මුණගැසිය හැකි නිසාය. මේ කතාව ඒ අතරමගදී හමු වූ ‘මිනිසෙකු’ ගැනය. මිනිස් පුළුටක් ඇස ගැසෙන මානයක නැති- වන සතුන්ගේ රජදහනක් වූ වන මැද, රෝහලක් තනාගෙන රෝගීන් එන තුරු බලා සිටින වෛද්‍යවරයෙකි. හේ නමින් ‘ලතාහරන්’ය. මේ වන ගත රෝහල […]
මහත්වරුනි, මේ කන්ද නගින්න
අලියාවත්ත මොනරාගලට බොහෝම ඉහළින් තිබෙන නිසාත්, එහි වෙසෙන්නන් දෙමළ වීම නිසාත් දේශපාලනඥයන්ටද, නිලධාරීන්ටද ඔවුන් පෙනෙන්නේ බොහෝම පුංචියට ය. මේ එය ලොකු කර බලන කැඩපතකි. ”අපි දෙමළ මිනිස්සු මහත්තයා. ඒත් උතුරෙ අය වගේ අපිව කාටවත් පේන්නේ නෑ. උපන්නට ජීවත් වෙනවා. ලයිට් නෑ. පාරක් නෑ මරගල කන්දෙ ගල් ගොඩන් මැදින් ගෙවල් වලට යන්න ඕන.” වයස විසි ගණන්වල […]