ගැහැනු හොයාගන්න බැරි නම්
දේශපාලන පක්ෂ ලැජ්ජා විය යුතුයි
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය පිළිබඳ අපේක්‍ෂා මුදුන්පත් වෙමින් 25%ක කාන්තා නියෝජනයක් ලැබී තිබේ. මෙය කි‍්‍රයාත්මක වන්නේ කෙසේද? එහි ප‍්‍රායෝගික තත්වයන් කෙසේ විය හැකිද? කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කි‍්‍රයාකාරිනියක වන, ‘කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ’ කුමුදුනී සැමුවෙල් සමග ඒ පිළිබඳව කළ පිළිසඳරකි.
පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය 25%ක් බව සඳහන් වුවත් එය සහතික කිරීම අපහසු බවයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා කියන්නෙ. ඒ කියන්නෙ 25% කාන්තා නියෝජනය පුස්සක් බවද?
කේවල ආසන සඳහා දේශපාලන පක්ෂ සියයට දහයක් කාන්තාවන්ගෙ නාමයෝජනා ඉදිරිපත් කළ යුතුයි. නමුත් කේවල ආසන කාන්තාවන් දිනයිද නැද්ද කියන එක සහතික කරන්න අමාරුයි. මැතිවරණ කොමිසම කියන්නේ, 10% කියන එක නිශ්චිත කරන්න බැරි නිසා, ඒ හරහා කාන්තාවන් යම්කිසි ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කළහොත් 25% ගොඩට එක වැටෙනවා. නමුත් ඒක ඡන්දය පවත්වන තෙක්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කියන්න බැහැ.
ඔබ කියන කාරණය තවදුරටත් පැහැදිලි කළොත්..
දැනට අපේ තියෙන දත්ත වලට අනුව, සාමාන්‍යයෙන් සියයට අටක නවයක නාමයෝජනා ලැබෙන කොට සියයට දෙකක් පමණ ජයග‍්‍රහණය කරනවා. නමුත් මෙවර කොහොම වේවිද දන්නේ නැහැ.
එහෙම වුණොත් ඉතිරි වෙන්නේ සමානුපාතික ලයිස්තුව. සෑම පක්ෂයක්ම සමානුපාතික ලයිස්තුවට 50%ක් කාන්තාවන් දාන්න ඕන. කේවල ආසන දින්නට පස්සෙ ඉතුරු වෙන ආසන ප‍්‍රමාණයට පත්වීම් ලැබෙන්නේ සමානුපාතික ලැයිස්තුව හරහායි. නව ඡන්ද ක‍්‍රමයට අනුව 40% ක ප‍්‍රමාණයක් තේරී පත් වෙන්නේ සමානුපාතික ඡන්ද ක‍්‍රමයෙන්. ලැයිස්තුවෙන් කාන්තාවන්ට 50% හිමිවෙලා තියෙන නිසා කේවල ආසන ජයග‍්‍ර‍්‍රහණය කර නැත්නම් 25% සම්පූර්ණ වෙන පරිදි සමානුපාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට තියෙනවා.
අඩුවෙන් ආසන දිනලා තියෙන අවස්ථාවල සමානුපාතික ලැයිස්තුවෙන් කාන්තාවන් පත් කරන්න දේශපාලන පක්‍ෂ එකඟ නොවුණොත් අර්බුදයක් ඇති වෙනවා නේද?
දැනට තියෙන පුරුද්ද තමයි සමානුපාතික ලයිස්තුවට දාන්නෙ පිරිමින්. නමුත් දැන් අලුත් සංශෝධනය අනුව 25% ක කාන්තා නියෝජනය සම්පූර්ණ වී නොමැති ඡන්ද කොට්ඨාශවල සමානුපාතික ලැයිස්තුවෙන් කාන්තාවන් පත් කරන්න කියලා දේශපාලන පක්ෂවලට කියන්නේ මැතිවරණ කොමිසම. දේශපාලන පක්ෂවලට ඒකට කැමති නැහැ කියලා කියන්න බැහැ මොකද ඒක තමයි දැන් නීතිය. ඒ නිසා ඒක කරන්නම වෙනවා.
ඉතා කලාතුරකින් කාන්තාවන් එක්කෙනෙක් හෝ අඩු වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. කුඩා පක්ෂවලට ආසන එකක් හෝ දෙකක් ලැබුණු අවස්ථාවල කාන්තාවෝ පත් නොකර ඉන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කටයුතු කරයි. ඒ අවස්ථාවේදී තමයි මැතිවරණ කොමිසම අපහසුතාවයට පත් වෙන්නේ.
බොහෝ ස්ථානවල එවැනි ව්‍යතිරේඛ ඇති වුවහොත් 25% කාන්තා නියෝජනයට එය බලපෑමක් විය හැකිය නේද?
පළාත් පාලන ආයතන වල මෙවර සභික සංඛ්‍යාව අට දහස් ගණනක්. එයින් 2200 කාන්තාවන් විය යුතුයි. සමහර තැන්වල එක්කෙනෙක් දෙන්නෙක් අඩු වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කුඩා ප‍්‍රාදේශීය සභා සඳහා සභිකයින් හත් දෙනෙක් අට දෙනෙක් දොළොස් දෙනෙක් ඉන්න තැන්වල සමහරක් වෙලාවට එවැනි තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් කොළඹ වගේ ලොකු ආසනවල අනිවාර්යෙන්ම 25% හදාගන්න පුළුවන්. හැබැයි පොඩි පක්ෂ වැඩිපුර ඡන්ද ලබා ගන්නා අවස්ථාවල ඒ ප‍්‍රශ්නය මතු වෙන්න ඉඩ තියෙනවා. ඡන්දය පවත්වන තෙක් අපිට ඒ ගැන පැහැදිලිව කියන්න බැහැ. මෙය ඉතා සංකීර්ණ ඡුන්ද ක‍්‍රමයක්. කාන්තාවන් සියයට 25ක් නිශ්චය කරගන්නෙ කොහොමද කියන එක ගැන ගොඩක් දුරට කල්පනා කරලා තමයි ඔවුන් මේ සංශෝධනය ගෙනාවේ. ලේසිම ක‍්‍රමය තමයි කාන්තාවන් ආසනවලට තරග වදිනවා කියල කිව්වනම්. හැබැයි දේශපාලන පක්ෂ ඒකට කැමැති වුණේ නැහැ. ඒ නිසා තමයි සමානුපාතික ලැයිස්තුවෙන් 25% පියවගන්න විදිහට සංශෝධනය ගෙනාවේ. මම හිතන්නේ අපි ඒ ගැන ලොකුවට කලබල වෙන්න හොඳ නැහැ. පනතෙන් 25% සහතික කිරීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට.
/
බොහෝ අය මතු කරන ප‍්‍රශ්නයක් තමයි එක්වරම කාන්තා නියෝජනය වැඩි වෙද්දි දේශපාලනයට සුදුසුකම් තියෙන කාන්තාවෝ මෙතරම් ප‍්‍රමාණයක් පත් කරන්න පුළුවන් වෙයිද කියන එක. විශේෂයෙන් දේශපාලන පක්‍ෂ මේ ප‍්‍රශ්නය නගනවා. සමහර පක්‍ෂවලට කාන්තා ලැයිස්තු හදාගන්න බැරිව ප‍්‍රතික්ෂේප වුඛ අවස්ථා පවා තියෙනවා.
මම එක සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. ලංකාවේ ප‍්‍රාදේශීය සභාවලින් බහුතරය සභිකයින් පහළොස් දෙනෙකුට වඩා අඩුයි. එතකොට 2200 කාන්තා සභිකයෝ ගැන කිව්වට පළාත් පාලන ආයතනයක් ගත්තොත් සභිකයෝ දොළොස් දෙනෙක් ඉන්න ප‍්‍රාදේශීය සභාවක සීයට විසිපහ කියන්නේ හතරදෙනයි. එතකොට බොහෝ විට සමානුපාතික ලැයිස්තුවට තමයි ඔය නම් 4 දාන්න ඕනේ. අපේ පක්ෂ 1931 ඉඳලා දේශපාලනය කරලා තියෙනවා. එහෙම නම් ඒ ඒ පළාත් සභාවලින් කාන්තාව හතර දෙනෙක් ලැයිස්තුවකට දාගන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැද්ද? ගමේ දේශපාලනය කරද්දී අපි දන්නවා හැම පක්ෂයකම සුදුසුකම් තියෙන කාන්තාවෝ 4 දෙනෙකුට වඩා දේශපාලනයේ නියැලෙනවා කියන එක. හතර දෙනෙක් නැහැයි කියලා කියනවනම් එය ඕනෑම පක්ෂයක් සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු තත්ත්වයක්. හැබැයි දේශපාලනඥයෝ එක පයින්ම කියන්නේ අපිට 2200ක් කාන්තාවෝ නැහැ කියලයි. විශාලතම මහ නගර සභාව වන කොළඹ මහනගර සභාවට කාන්තාවෝ පහළොස් දෙනෙක් නැහැයි කියල අපිට කියන්න පුළුවන්ද? මේ පක්ෂ සේරම නිදහසට කරුණු තමයි මේ හොයන්නේ.
දේශපාලනය තුළ ඥාතීන්ට නාමයෝජනා ලබා දීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. කාන්තා නියෝජනයට කිව්වත් අවසානයේදී දේශපාලනයේ නිරත දේශපාලනඥයින්ගේ ඥාති කාන්තාවන්ට වැඩිපුර අවස්ථා ලැබේවිද?
පළාත් පාලන ආයතනවල අද නාමයෝජනා දෙන්න කාටද කියල බැලුවනම් ප‍්‍රශ්නය පැහැදිලි වෙනවා. මං කියනවා ඒ අයගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඥාතීන් කියලා. අපි හැබැයි ඒ ගැන එතරම්ම කලබල වෙන්නේ නැහැ. මොකද අද හැම තැනම ඉන්නේ ඥාති පිරිමි.
අපිට මතුපිටින් පේන්නේ කාන්තාව දේශපාලනයට එන්නේ තමන්ගේ සැමියා හෝ කවුරුහරි ඥාතියෙක් නැති උනහම කියන එක.
හැබැයි පිරිමි කී දෙනෙක් කාගේ කවුද කියලා අපි බලලා තියෙනවද? පුත්තු කීදෙනෙක් පාර්ලිමේන්තුව ඉන්නවද කියලා අපි බැලුවද? අනෙක් අතින් සුදර්ශනී වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට එද්දි මහත්තයා මැරුණ නිසා ආවා කියලා කිව්වා. හැබැයි සුදර්ශනී එයාගේ මහත්තයා ජීවත්ව ඉද්දි ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කීයක් කරල තියෙනවද? ඇය ඔහුට උපරිම සහයෝගය දීලා වැඩ කළා. ජෙයරාජ් මරුණහම ඇය කරපු දේශපාලනය මොකක්ද කියලා හැමෝම දැනගෙන හිටියා. පක්ෂයේ ඉහළ ඉඳන් පහළටම කවුද වැඩ කළේ කියලා දැනගෙන හිටියා. එයාගේ දේශපාලන හැකියාව සම්පූර්ණයෙන්ම තිබුණා. හැබැයි දේශපාලනයට ආවහම ඇයට පැහැදිලවම ඒ වැඬේ කරන්න පුළුවන් වුණා. ඇය අද කාන්තා මන්ත‍්‍රීවරියන් අතරින් ඉන්න හොඳම කෙනෙක්. ජෙයරාජ් මැරුණු වෙලාවේ කවුරුහරි කිව්වනං මෙයාව එයාගේ බිරිඳ නිසා දාන්න එපා පළාතේ වෙන කෙනෙක් දාන්න කියලා එය වැරදි තීරණයක් වෙනවා.
මට තියෙන ප‍්‍රශ්නය තමයි සමහරු ජනප‍්‍රියත්වය මත දේශපාලනයට ඉදිරිපත් කරනවා. ගීතා කුමාරසිංහ උපේක්ෂා ස්වර්ණමාලිට කිසිම දේශපාලන සුදුසු කමක් නැහැ. ඔවුන් දේශපාලනයට ළැදි කමකුත් නැහැ ජනපි‍්‍රයත්වය මත ඡන්ද ගන්න පුළුවන්කම නිසා ඔවුන් ඉදිරිපත් කළා. එවැනි අයව යොදවන එකෙන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනෙ. සමහර තැන් වල ඥාතීන් ලැයිස්තුවලට ඇතුළත් කරයි. ඒක හැබැයි හැමදාම සිද්ධ වුණ දෙයක්. ඒක නතර කරන්න අරගල කරන්න ඕනේ දේශපාලන පක්ෂ ඇතුළෙන්.