
එකම පවුලක සහෝදරයෝ
ඔවුන් විවිධ ජාතීන්ට අයත්ය. ඔවුන් අදහන ආගම්ද එකිනෙකට වෙනස්ය. ඔවුන් අතරවූ එකම සාමන කම වූයේ මතට ලොල්වී ජීවිතයේ මඟ වරද්දා ගැනීම පමණකි. දෑ අවුරුද්දක් මෙහි එකට ගත කළ ඔවුන් අද කටයුතු කරන්නේ ජාති, ආගම්, කුල බේද සියල්ල පසෙක තබා එකම පවුලක සහෝදරයන් මෙනි.
for journalists ශ්‍රීලංකාවේ පුවත්පත්වල සංහිඳියාව පිළිබඳ මාධ්‍ය ආවරණය
වාර්තාව බාගත කරගන්න
අද අතවශ්‍ය කාර්යයක්
වසර 22 කට පසුව ශ්‍රි ලංකාවේ මැතිවරණ කරළියට පැමිණි, මෙවර ජනාධිපතිවරණයට තරග කළ එකම කාන්තාව ද ඇය වෙයි. ලක් වනිතාවට දිරියක් සහ වටිනාකමක් දෙමින් කාන්තා ශක්තියට, හැකියාවට නිසි ගෞරවයක් ලබාදෙන්නට පුරුෂ ජවය හා තරග බිමට පිවිසි බව පවසන ඇය පරිසරවේදිනි ආචාර්ය අජන්තා පෙරේරා යි.
සංහිඳියාව ඉබේ ඇති වෙනවා
‘එකිනෙකා තේරුම් ගැනීම තුළ සමාජ සම්බන්ධතා ඇති වෙනවා.සංහිඳියාව කියලා අමුතුවෙන් දෙයක් ඇති කරන්න නැති වේවි කියලයි මං හිතන්නේ‘ යැයි වෛද්‍ය මොහමඞ් බුහාරී මොහමඞ් අජ්වාඞ් කියයි.

සටන් කරන රේණුකා
රටක දැයේ දූදරුවන් යනු රටේ ජීවනාලියයි.එවන් දරු පරපුරකට ශිල්ප ශාස්ත්‍රය ලබාදෙන ගුරුපරපුර සුරැකීම ජාතික වගකීමකි.එවන් වූ ගුරු පරපුරක අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන කන්ද උඩරට අග නගරය මහනුවර අන්තර් ආගමික කමිටුවේ ලේකම් රේණුකා මලියගොඩ විශ්‍රාමික ගුරුමාතාව වර්තමානයේදී මුස්ලිම් ජාතික ගුරුමාතාවන්ගේ සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් හඬ නඟන්නියකි.

සුන්දර සිත්තර සිත්
චිත්රවලින් හිස් තාප්ප හැඩ කරන්නට එක්ව සිටින කණ්ඩායමේ සිත් බිත්තිවලින් මතුවන චිත්රවලටත් වඩා සුන්දර ය. ඒ සිත්වල ජාති, ආගම්, කුල බේද කිසිවක් නැත්තේ ය. මහ සංඝරත්නය සමඟ එක්ව චිත්‍ර අඳින්නට මුස්ලිම් කාන්තාවක ද එක්ව සිටින්නී ය.

උතුරෙන් සංවේදී කතාවක්
” යුද්දේ නිසා අපි ගොඩක් බැට කෑවා. අපට ආයෙ යුද්ධ ඕන නැහැ. අපිට ඕනෑ මේ රට සංවර්ධනය වෙනවා දකින්න. ඒ වගේම අපේ අලුත් ජනාධිපතිතුමා අපිව බලාගනියි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට ඕනෑ පිළිගැනීමත්, නිදහසත්, සංවර්ධනයත් විතරයි”
දෙවියන් කවදත් සාධාරණයි
දෙවියන් කවදත් සාධාරණ ය. මිනිස්සු දෙවියන් බෙදාගන්නට සටන් කරමින් සිටිති. අවසන ඒ සටනින් හැමදාම පරදින්නේ මිනිසුන්ම ය. ඒ සටන පසෙක ලා සාධාරණ වන්නට මිනිසුන්ට ආදර්ශයක් සැපයූ කතාවකි මේ.
කන්දල් ඔයෙන් කතාවක්
“මම අධ්‍යා.පනයට උනන්දුවක් දැක්වුවේ නැහැ. නමුත්, කලාව විසින් මා විශ්වවිද්යාටල ශිෂ්ය්යෙක් බවට පත්කලා.’’ මෙලෙස පවසන්නේ කන්දල් ඔය දෙමළ මහා විද්යාසලයේ ආදි ශිෂ්යවයෙකු වූ මෝසස් ප්රකභාත් ය.

සුබවාදි ආකල්ප
පරණ සපත්තුවට අලුත් අඩිය අලවන්නා සේ සම්මුගලිංගම් නගරවාසීන්ගේ සිත් සතන් ඇද බැඳගෙන ඇත්තේ ඔහු සතු සුබවාදි ආකල්ප නිසා ය. කටුවට නූල අමුණන ගමන් හෝ රබර් මැලියම වේළෙන තුරු ඔහු නිරතුරු මේ අදහස් එළියට දමයි.