Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
සිංහලයන්ගේ රස භාව පිබිදූ මුසල්මානුවා

හක් මාස්ටර්

සිය මියුරු පරිකල්පනය විෂයයෙහි උපන් උත්තුංග වියමන් ප්‍රාණ සමව සුරකිමින් හේ අතීතය මෙනෙහි කරන්නේ සංගීතය හා ප්‍රේමය එකම මගෙක පිය මැන තමන් කැටුව ආ අන්දම දකින්නේ ය. නිසග දිව්‍යමය ප්‍රතිභානය මිසෙක සප්ත ස්වර රැඟුම් හදාරන්නට කිසිම දිනෙක තත්පරයක හෝ අවස්ථාවක් නොලද වියපත් මුසල්මානුවා සිංහලයන්ගේ රස භාව පුබුදුවන්නට ගෙතූ චාරුලේඛන අල්ලාහ්ගේ කරුණාව සේ දකියි.

16.09.2019
මනා පරිපාලන ව්‍යූහයක් පැවතීම

වාර්ගික සහජීවනයට රුකුලක්

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, ආරක්ෂක අංශ හා අධිකරණ පද්ධතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් වාර්ගික සහජීවනය මැනවින් දැකගත හැකි‘යයි කල්මුණේ මානව හිමිකම් සම්බන්ධීකාරක ඉසදීන් ලතීෆ් කියයි.

08.09.2019
බෙදුණු ජනතාවක් එක්සත් කිරීම

ඉතා අපහසු කාර්යයක්

ජාතිවාදී හා ආගමික කණ්ඩායම් ගෙනයනක්‍රියාකාරකම්වලින් රටක් වැනසෙනවා මෙන්ම, එය ජාතිවාදී ගැටුම් ඇතිවීමට ද හේතුවකි. එවන් තත්ත්වයක් හමුවේ බෙදුණු ජනතාවක් එක්සත් කිරීම ඉතා අපහසු කාර්යයක් බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.

26.08.2019
සහෝදරත්වයේ දෑත් දකුණට දිගු කරන

කාත්තන්කුඩියේ මනුසත්තු

ශ්‍රී ලාංකීය නගර අලංකාරයට  නව අරුතක් එක් කළ කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ ඇතමෙකු තුළ නොරුස්සනා හැඟීම්  ඇති කළ ද, කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ නැගෙනහිර පළාතට එක් කරන අපූර්වත්වය හා විවිධත්වය, ස්වභාව සුන්දරත්වය අගයන  කිසිවෙකුටක් බැහැර කළ නොහැක්කකි.

19.08.2019
නිදහසේ වෙළඳාමේ තෝතැන්න

කාත්තන්කුඩියේ මිත්‍රත්ව පොළ

මෙය බොහෝ දෙනෙකුට පුදුමය දනවන කතාවක් වීමට ඉඩ තිබේ. කාන්තන්කුඩිය පිළිබඳව බොහෝ දෙනාගේ මනසේ ඇඳී ඇත්තේ ඊට වෙනස් චිත්‍රයක් බැවිනි. ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට පැමිණ නිදහසේ වෙළඳාම් කළ හැකි වෙළෙඳපොළක් යනු කාත්තන්කුඩියේ පමණක් නොව රටේ කොතැනක වුව දුලබ අත්දැකීමකි.

06.08.2019
තමන්ගේ වේදනාව යළි යළිත් දකින මිනිසුන්

 මනසින් යළිත් ඇද වැටෙනවා

පුද්ගල වේදනාව ජනමාධ්‍ය හරහා අලෙවියෙන් හෝ ප්‍රසිද්ධියට පත්කිරීමෙන් සිදු වන්නේ ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ වේදනාව තීව්‍ර කිරීමත්, පෞද්ගලිකත්වයට හානි පැමිණවීමත් පමණකි. ඒ බව ජනමාධ්‍ය ධාරා හසුරුවන බහුතරයක් දෙනා නොදන්නා දෙයක් ව ඇතැයි සිතෙන්නේ පාස්කු ඉරිදා ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ කඳුළු, අද දවසේත් බොහෝ ජනමාධ්‍ය හරහා සිල්ලරට අලෙවි වනු දැකීමෙනි.

05.08.2019
බිඳුණු පල්ලිය හැදුවා වගේම

අපේ හිතත් දැන් හැදිලා

නටාෂා සෙව්වන්දි මීගමුව සාන්ත පීතර විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දියණියකි. තමාගේ දුකේදී සැපේදී දෙවි සමිඳුන්ගේ මැදහත්කම ප්‍රාර්ථනා කළ කටුවාපිටිය දේවස්ථානය යළි ගොඩනැඟී තිබීම නටාෂාගේ සිතට එක්කර ඇත්තේ මහා සතුටකි. දෙතොලග රැඳී ඇති සිහින් සිනාව ඇයගේ අනාගත බලාපොරොත්තු රැසක පෙරනිමිති පෙන්වයි.

30.07.2019
කටුවාපිටිය සුවපත් කරන

සප්ත මහා බලවේගය

පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මාස තුනක් ගතවීමට ආසන්න මොහොතේ කටුවාපිටිය ජනතාව ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පරාජය කරමින්, නැඟීටීමට වෙර දරන අයුරු පිළිබඳ එක්වරම දැනෙන්නේ පුදුමයකි. කටුවපිටිය අරමුණු කරගෙන දිව රෑ දෙකෙහි ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ දකින්නකුට එහි පුදුම වන්නට දෙයක් නැති බව අනතුරුව වැටහෙයි.

25.07.2019
උතුරු නැඟෙනහිර වැඩි ම ඉල්ලුමක් ඇති

සිංහල කතා කරන පංති

රටේ මුළු ජනගහනයෙන් 70% වඩා සිංහලයන් වෙසෙන රටක සිංහලෙන් කථා කිරීමට ඉගැන්වීම එස්කිමෝවරුන්ට අයිස් විකිණිම තරම් හාස්‍යජනක වුවද, අද වන විට උතුරු නැගෙනහිර බොහෝ පෙදෙස්වල SPOKEN SINHALA පංතිවලට ඇත්තේ, මහත් වූ ඉල්ලුමකි. සිසුන් බොහොමයක් සිංහල විෂය ධාරාව අත හැර වෙනත් විෂයන්වලට යොමුවන තත්ත්වයක, උතුරු නැගෙනහිර පෙදෙස්වල දෙමළ දරුවන් සිංහල විෂය ඉගෙනීමට දරන උත්සාහය සාධනීය ප්‍රවණතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

22.07.2019
තල් හකුරු හංගන

යාපනේ කුල වක්කඩ

දකුණේ හකුරු කුලය ලෙස පීඩනයට හා අවඥාවට භාජනය කර ඇති පිරිස මෙන්ම උතුරේද තල් රා කර්මාන්තයේ නියුක්ත පල්ළරන් කුලයේ ජනයා අඩු කුලයක් ලෙස සැලකුම් ලැබීමේ අවඥාවට හා අමානුෂික වේදනාවට ගොදුරුව සිටිති.

11.03.2019
පැමිණි දුක් පැණි රසින් වළඳන

හදවතින් පොහොසත්තු

හතළිස් නව හැවිරිදි මෙන්ඩිස් ගුණසේකර මට හමුවුණේ වව්නියාව සිදම්බරම්නගර් නැවත පදිංචි කිරීමේ ගමේදී ය. වව්නියාව නගරයේ සිට මේ ගමට ඇති දුර සැතපුම් හතක් පමණකි. එහෙත් පරිපාලන නගරයෙන් ඊට වඩා බොහෝ දුර ඈත පෙදෙසක් සේ එය බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ.

13.12.2018
හැරෙන තැපෑලෙන් පිහිට සලසන

මැණික්හින්නේ ගුරුකම්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පසු වැඩිම පාර්සල් ප්‍රමාණයක් හුවමාරු වන තැපැල් කන්තෝරුව මැණික්හින්න තැපැල් කාර්යාලයයි. මැණික්හින්න කූරගන්දෙණිය ගම්මානයේ පාරම්පරික නීචකුල බන්ධන හා රොඩී දැහැන් වශී ගුරුකම් කටයුතු සඳහා නන්දෙසින් වු ජනතාව තැපැල් මාර්ගිකව පිහිට පැතීම ඊට හේතුවයි.

14.11.2018
ආගමික, ජාතික සංහිඳියාවේ තෝතැන්න

පේරාදෙණිය සරසවිය

මල් ලියකම් සත්ප්‍රාසාද අතුරින් සියලු ජාතීන්ට එකට එකතු වී ශිල්ප කරන්නට හැකි අපූරු තෝතැන්නක් බවට පේරාදෙණිය සරසවිය පත් කිරීමට සර් අයිවෝ ජෙනිංග්ස් ගත් උත්සාහය පුදුම සහගත ය. ශ්‍රී ලංකාවේ ස්ථාපිත දසපන් සරසවි ගොන්න අතරින් සංහිඳියාවට මඟ කියන සරසවියක් වන්නේද, ඒ පේරාදෙණිය සරසවියම ය. එයට නිදසුන් සපයන්නේ එහි ඉදි කර තිබෙන සියලු ආගමික මධ්‍යස්ථානයි. 

10.11.2018
කංකෙඳිරියකින් ඔබ්බට නොගිය

මඩකළපුවේ සංහිඳියාව

සංහිඳියාවේ අගය රටකට දැනෙමින් පවතින යුගයක මඩකළපුවේ වැසියෝ සංහිඳියා පොද වැස්සක් අයදිමින් බලා සිටිති. ඒ, සුහදතාව නැතිවුණු තැන අත්වන සෙතක් නැති සේ ම සෑම ජනවර්ගයක ම වුවමනා සැපිරීමෙන් රටට අත්වෙන්නේ මහත් සෙතක් බව ඔවුන් අත්දැකීමෙන් ම අවබෝධ කොට ගෙන ඇති නිසාවෙනි.

23.10.2018
වරදකට මරණ දඬුවම පැනවීම

ජනප්‍රිය සටන් පාඨයක් විතරයි

කළ වරදක් වෙනුවෙන් ”ජීවිතය” අහිමි කිරීමට පෙර ඒ උදෙසා ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක කළ යුතු බොහෝ පූර්ව පියවර රැසක් පවතින බව මරණ දඬුවම පැනවීමට එරෙහි ව අදහස් දක්වන සමාජයේ විවිධ ස්ථර නියෝජනය තරන ගිහි පැවිදි විද්වත්හු පෙන්වා දෙති.

13.09.2018
දියවඩන නිලමේට සළු පොරවන

දළදා පෙරහරේ සංහිඳියාව

මහනුවර ඇසළ පෙරහර වඩාත් විචිත්‍රවත් වන්නේ එහි ගැබ්ව තිබෙන ප්‍රබල ජාතික හා ආගමික සංහිඳියාවේ පණිවිඩය තුළය. ජාතික හා ආගමික සමඟිය හා සංහිඳියාව වඩාත් තිව්‍ර කරන සිරිත් ගණනාවක් රජ දවස පටන් අද ද එ තුළ ආරක්ෂාවී තිබේ.

06.09.2018