Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
ජාතියට වඩා වටින්නෙ

මනුස්සකමයි විශ්වාසයයි

දසක තුනක දේශපාලන අත්දැකීමෙන් මෙන්ම ව්‍යාපාරික අත්දැකීමෙන් ද පොහොසත් අන්සාර් ජීවිතයේ අප්‍රමාණ කඩාවැටීම් මැද විශ්වාසය තබා සිටින කණ්ඩායම් දෙකකි. එකක් සිංහල පාරිභෝගිකයා ය. අනෙක් කණ්ඩායම සිංහල ඡන්ද දායකයා ය.  

21.08.2019
ජාතීන් අතර ගැටුම් සමනයට

භාෂාව සතු බලය සුවිශාලයි

සියලු ජාතීන් එකතු කිරීමේ ප්‍රමුඛ යාන්ත්‍රණය වන්නේ භාෂාවය. අද අප ජීවත් වන යුගය භාෂාවේ බලය භාවිත කළ යුතු හොඳම යුගයයි. එයට හේතුව වන්නේ මෙම යුගය මිනිසුන් එකිනෙකා ‍වෙන් කිරීමට දැඩිසේ උත්සාහ දරන යුගයක් වීමය. මේ ඒ සම්බන්ධව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මිලින්ද මායාදුන්න දක්වන අදහස් ය.

18.08.2019
ඉස්ලාමීය කඳුළ පිසදැමූ

බෞද්ධ – කතෝලික සෙනෙහස

“අපි හරි සමගියෙන් සතුටින් සිටි මිනිස්සු. ඒත් මිත්යාොව මත ළඟ බලන මිනිස්සුනන්ගේ එක ක්රියාවකින් අපි මොනතරම් අමාරුවකද වැටුණෙ‘ මාතර මින්නතුල් ෆාසියියා අරාබි විද්යාලයේ ආචාර්ය එම්. හිසාම් අල්-පාසි මවුලවීතුමන් හිතට දැනුණු පීඩනය ඉහිල්කරගනිමින් පැවසුවේය.

16.08.2019
බැති පෙම් උපදවා සත්සරය හඬවා

දෙමළ උගනිති සතුට වඩවා

භාෂාව භාවිතයෙන් යමෙකු හදවතට සමීප කර ගත හැකි අන්දම පිළිබඳ බොහෝ උදාහරණ අප අතර කොතෙකුත් පවතී. එනමුදු ප්‍රාසාංගික අත්දැකීමක් හරහා තවත් බසක් ඉගැන්වීමට දැරෙන වෑයම් පිළිබඳ දේශිය උදාහරණ ගැන අප අසා දැක ඇත්තේ අල්ප වශයෙනි.  

12.08.2019
බහු වාර්ගික සමාජයක් ජීවත් වන රටක

විවිධ අනන්‍යතා පිළිගත යුතුයි

ඉස්ලාම් ධර්මය කිසිසේත්ම අන්තවාදය අනුමත නොකරන්නකි. සාමය අගය කෙරෙන ආගමක් වන ඉස්ලාමයේ දිවි නසා ගැනීම සපුරා තහනම් ය. සිකුරාදා දිනවල ජුම්මා දේශනාවලදී මවුලවිවරුන්  දේශනා කරන්නේත් හොඳ දේ ම පමණෙකැයි දේශ කීර්ති ෆාතීමා සිමාරා අලි කියයි.

11.08.2019
ෆරීඩලා, අයින්කරන්ලා සහ ධනපාලලා සමඟ

පණ ගැහෙන පාසිකුඩාව

අප්‍රේල් විසි එක පාස්කු දවසෙ බෝම්බ පුපුරපු හින්දා මාස තුනක් විතර වෙරළ පාළුවට ගිහින් මිනිස්සු මරක්කලයින්ට වෛර කරද්දිත් ෆරීඩා සහ දරුවො එක්ක ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලපු ධනපාල තවමත් බලා ඉන්නවා පාසිකුඩා පණ ගැහෙනකං.

07.08.2019
වෙන්වෙලා ජීවත්වෙලා වැඩක් නෑ

හැමෝටම හැමෝම ඕනෑ

මීගමු කළපුවට වැටෙන අව් රැස ජාති භේදයකින්  තොරව කාගේ සමටත් ලබාදෙන්නේ තද පැහැයයි. සාගර සම්පත ඒ කාටත් දෙවියන් දුන්න ශක්තිය ය.දෙවියන් දුන් සම්පත සාමයෙන් භූත්කි විඳින මේ  ‘පුංචි රෝමය‘ ඉදිවූ ආගම් නැමති සාම  කුළුණු හතරෙන් එකක් හෝ සිඳ දමන්නට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට හැකිවී නැත.

01.08.2019
කට කතාවලට වෛරී ප්‍රකාශවලට

අපි කෝප වෙන්නෙ නෑ!

පූජාසනය අසල ඇවිලෙන ගිනිදළු සහිත ඉටිපහන් වතුරේ ගිල්වා නිවා දමමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථාන යේ පූජා භූමි සේවක සවුන්දර් රාජ් තමා හඳුන්වා දුන්නේය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු යළිත් සුපුරුදු පරිදි බැතිමතුන් සමඟ කටයුතු කරන්නට ලැබීමේ සතුටක් ඔහුට තිබේ. එදා මෙදාතුර කාලය සිදු කළ වෙනස ගැන පී. සවුන්දර් රාජ් දැක් වූ අදහස් ය මේ.

29.07.2019
අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවිය

ජාතික එකමුතුවයි

ජාතික එකමුතුව, අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවිය බව ඔහු ගේ දැක්මයි. ඒ උදෙසා වන වගකීම වටහා ගැනීම සියලු ජාතීන් වෙත ම පැවරෙන යුගයේ වගකීම වන බව අල්හාජ් මොහොමඩ් සකාබ් මොහොමඩ් ෆවුසි පවසයි.

26.07.2019
රාක්ෂයා පැරද වූ

කොච්චිකඩේ බැතිමත්තු

පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය වෙත පිය මනින බැතිමතුන් දෑත් දිගු කරන්නේ සහෝදරත්වයේ දිගු ගමනකට ය. බැතිමතුන් තුළ සැඟව සිටි රාක්ෂයාගෙන් වැඩ ගන්නට අන්තවාදීන් සිතුවත් රාක්ෂයා අවදි වූයේ නැත. ඒ නිසාම අන්තවාදීන් ගේ සිතැඟි සුන්වී හමාර ය.

24.07.2019
ශ්‍රී ලාංකික සමාජ රටාවක් ගොඩනැඟීම

අන්තවාදයට හොඳ ම පිළිතුරයි

ශ‍්‍රී ලංකාවේ සියලූම ජන කණ්ඩායම් වර්ගය අනුව හෝ ජාතිය අනුව වෙනස්වීම්වලට භාජනය නොකොට තමන් ශ‍්‍රී ලාංකිකයන් ය යන හැඟීම ඉස්මතු වන සමාජ රටාවක් ගොඩනැඟීම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීම සඳහා වන හොඳම ප‍්‍රවේශය බව ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය සංසදය අවධාරණය කරයි.

19.07.2019
පල්ලි - කෝවිල් යන, පන්සල් එන

මඩු පාරේ මිනිස්සු

මේ බිමේ කුංකුම තිලකය පවසන්නේ ජනවර්ගයේ අනන්‍යතාව නොවේ. එය පවසන්නේ උතුරේ සමගිය ගැන ය. පස් පව් ගැන පවසන්නේ බුද්ධාගමේ ය. එහෙත් ඒ වචන පිටවන්නේ හින්දූන්ට ආවේණික දෙමළ බසිනි. මෙය උතුරේ මිනිසුන්ට භාෂාව හෝ ආගම හෝ බෙදා වෙන්කර ගැනීමට වුවමනාවක් නැති බව පවසන තවත් කතාවකි.

16.07.2019
අපි ජාති, ආගම් බේද ඔළුවට දාගෙන

ලොකු අවුලක් ඇති කරගෙන

මෙරට ආදිවාසී ජනතාවගේ වත්මන් නායකයා වන්නේ වනස්පති ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ය. වන්නියලෑ ඇත්තෝ මෙරට සමාජ,දේශපාලනික හා සංස්කෘතික කාරණා කෙරෙහි දැඩි සංවේදිතාවක් දක්වයි. මෙරට ජාතික ප්‍රශ්නවලදී සෑම අවස්ථාවකම මධ්‍යස්ථ මතයක රැඳී සිටිමින් කටයුතු කරන ඔහු, පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිව තිබෙන දේශපාලන හා සමාජ කාරණා සම්බන්ධයෙන් මෙසේ සිය හඬ අවදි කරයි.

10.07.2019
ඔවුන්ගේ ස්මාරක වනසපු අපි

ඉතිරි කරගත්තෙ වෛරයක්

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මෙරට දෘෂ්‍ය කලා අවකාශයේ කේන්ද්‍රීය චරිතයකි. ප්‍රබල දේශපාලන අර්ථ ජනිත කරන ඔහු ගේ සමාජ මෙන් ම කලා භාවිතය ද ප්‍රකට කරන්නේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ හරස් කඩකි. කළු ජූලියට 35 වසරක් සපිරෙන මේ මොහොතේ ඔහු සිය නිර්මාණ එකතුවක් හරහා ඒ ඛේදවාචකය පුනර් කියවීමකට ලංකා සමාජයට ආරාධනා කරයි.

07.07.2019
අන්තවාදය පිටුදකින්න මුස්ලිමුන්ගේ දෙවුර මත

පැටවී තිබෙන වගකීම සුවිශාලයි

අන්තවාදයට විසඳුම තවත් අන්තවාදයකින් උදාකර ගත නොහැකි අතර, විවේචනයට, සැක කිරීමට සහ පලිගැනීමට වඩා අවබෝධකර ගැනීම එහිදී වැදගත් ය. අන්තවාදි තර්ජන පරාජය කිරීමට සියලූම දෙනා එක් වී කටයුතු කිරීම කාලීන අවශ්‍යතාව බව කොළඹ, ඉස්ලාමීය දේවධර්ම ආචාර්ය, හෂිමි පදනමේ සභාපති සහ අන්තර් ආගමීක සාම පදනමේ භාණ්ඩාගාරික මවුලවී ලෆීර් මදනි (58) කියයි.

03.07.2019
ළගන්නාසුලු වදනින් හාදකම් අමුණන

දිල්මි ෆාතිමා

චට චට නාදය සමඟ මැෂිමේ ඉඳිකටුව රෙදි පොටවල් දෙකක් වේගයෙන් එක්කරයි. එලෙස ම මුස්ලිම් යුවතියක වන ඕ, ආදරය දයාව පිරි සිංහල භාෂාවේ ළගන්නාසුලු වදනින් ගනුදෙනුකරුවන් ජාලයක් රැස්කරයි. ඒ ආදරයට ජාති, කුල මල බේදයක් නැත.

02.07.2019