Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අසල්වැසියා මට පෙනෙන හැටි:
අම්මලා වුණත් හොයන්නේ උගත්කමයි; චරිතයයි

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

08.08.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

නිමාෂා සමිති ලක්ෂානි
12 වන වසර (කලා)
බ/ඇල්ල මහා විද්‍යාලය

නිමාෂාට දෙමළ ජාතික යාළුවො ඉන්නවද?
ඔව්! පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරන්න ගෙදරට දෙමළ යාළුවෝ එනවා. මෙහෙ ගම්වල අසල්වාසීන් හැමෝම සිංහල දෙමල
ජාති දෙකේම අය.වෙනසක් නෑ. නිතර අපි මුණගැහෙනවා.කෝවිලේ උත්සවේට අපි යනවා. පන්සලේ උත්සවේට ඒ අය
එනවා.

නාදුනන කෙනෙක් පාරෙදි හමුවුණාම, ඒ සිංහල කෙනෙක්ද දෙමළ කෙනෙක්ද කියල අදුනගන්නෙ කොහොමද?                                  කෙනෙක් දැක්ක ගමන් දෙමළ ද සිංහල ද නම් හොයන්න බෑ.ඒත් ඒ ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙකුට ඇඳුම් විලාසිතාව භාවිත කරන ආකාරය,කනකර ආදිය වාගේ අනුමාන කරලා වෙන්කරලා හිතන්නත් පුළුවන්.ඒත් අද කාලේ බටහිර විලාසිතා නිසා මේ එකක්වත් අනන්‍ය ලක්ෂණ කියලා හිතන්න අමාරුයි.අනෙක ෙදගොල්ලම ෙදවිදියටමත් අදිනවා. පළඳිනවා. සල්ලි තියන අය ඒ සේරටම වඩා අදුරන්න අමාරුයි.

කවද හරි දවසක ඔයාට හොද දෙමළ තරුණයෙකු හමුවුණොත් විවාහ වෙනවද ?
එහෙම ජාති භේදයක් නම් නෑ.අම්මලා වුණත් හොයන්නේ ඒ දේවල් නෙවේ උගතකමයි චරිතයයි

නිමාෂාට දෙමළ කතාකරන්න පුළුවන්ද?                                                                                                                                    මට දෙමල කතා කරන්න පුළුවන් ටිකයි. හේතුව අපේ දෙමළ යාළුවෝ සේරම කතාකරන්නේ සිංහලෙන්. ඒ නිසා අපට දෙමල ඉගෙනගන්න ලැබෙන්නේ නෑ

කිව්ව ගමන් මතකයට එන දෙමළ පුද්ගලයෙක් ඉන්නවද ?
අපේ දෙමළ ගුරුතුමා