Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අනර්ථය පිටු දකින්න
අර්ථවත් විසැඳුමක් ඕනෑ

පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරත් සමඟ ශ්‍රී ලාංකික සමාජය වෙනස්ම වූ අත්දැකීම් සමුදායකට මුහුණ දුන්නේ ය. එහි අනිටු පල විපාකවලින් පන්නරය ලත් වර්ගවාදීහු මිනිසුන් කලා පෙළන්නට එය ම අවියක් කොට ගත්හ. මේ අනර්ථකාරී බව සමාජයෙන් දුරැලීමට අප සතු ඉදිරි වගකීම් කෙබඳු ද? මේ ඒ ගැන වන විමසුමකි.

18.06.2019  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
හැඟීමට නොව බුද්ධියට මුල් තැන දෙන්න

/

තරුණ කටයුතු සංවර්ධනය උදෙසා ක්රිෙයාත්මක ශ්රී ලංකා යුනයිට්ස් ආයතනයේ සම ජාතික සංවිධායක චමින්ද ජයසේකර පවසන්නේ අප රටට නිදහස ලැබී දැනට ගතව ඇති අවුරුදු අවුරුදු හැත්තෑ එකක කාලය තුළ සෑම අවුරුදු දහයක දොළහක කාලයක් ඇතුළත මනුශ්යය ඝාතන, ලේ වැගිරීම්, කෝලාහල හට ගැනීම අනිවාර්ය දෙයක් ව ඇති බව ය. ජාතිවාදය මෙන් ම අන්තවාදය ද ඉතාම ඉහළ මට්ටමක පැමිණ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එකට ජීවත්වුණු මිනිසුන් අතර අවිශ්වාසය විරසකය නිර්මාණය වන්නට ද මේ පසුබිම හේතු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
‘මේ තත්වය අපි වගේ රටකට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.මේ අහිතකර තත්වයේ ඝෘජු බලපෑම එල්ලවන්නේ මේ රට අනාගතයේ භාරගන්න ඉන්න අහිංසක තරුණ පිරිසට.
අපේ රටේ සෑම ආගමකටම අයත් අන්තවාදී පිරිස් ඉන්නවා.ඔවුන්ට අවශ්ය‍ වෙන්නේ ජාතිවාදී ආගම්වාදී ප්රසචාරවලින් අහිංසක ජනතාව රවටා ඔවුන්ගේ පරමාර්ථ ඉෂ්ඨ කරගැනීමයි. මෙතැනදී වැදගත්වෙන්නේ මේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්රිරයාත්මක කිරීමයි. පුද්ගල තනතුරු තානාන්තර බලන්නේ නැතිව අන්තවාදයට උදව් දෙන හැමෝම නීතිය ඉදිරියට ගෙනල්ල උපරිම දඩුවම් ලබාදිය යුතුයි. එහෙම කළොත් පමණයි අනාගත පරම්පරාවට මේ රටේ සැබෑ උරුමක්කරුවන් වෙන්න පුළුවන්. මං තරුණ කණ්ඩායම් වලින් ඉල්ලා හිටින්නේ බුද්ධියෙන් හිතන්න. ආගම්වාදය ජාතිවාදය අන්තවාදයට හිස ඔසවන්න ඉඩ නොදී මේ රට අපේ කියන හැගීමෙන් කටයුතු කරන්න කියලා‘ යැයි චමින්ද ජයසේකර අවධාරණය කරයි.

 

ඇවිළෙන ගින්නට පිදුරු දැමීම
බෞද්ධ භික්ෂුවගේ වගකීම නොවේ

/

වර්තමානයේ ශ්රී ලංකාවේ උද්ගත වී ඇති තත්වය හමුවේ බෞද්ධ භික්ෂුවගේ වගකීම විය යුත්තේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමට කටයුතු කිරීම නොවන බව අනුරාධපුර ශ්රීේ සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති හා උතුරු හා උතුරු මධ්යැම දෙදිසාවේ අධිකරණ සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියෝ පවසති.
විනිවිද භාවය ඉතාම වැදගත් බවත්, මිනිස් ජීවිතත් සමඟ විවිධ පිරිස් සිදු කරන ජාවාරම්වලට හසු නොවී කල්පනාකාරීව තටයුතු කිරීම අත්යතවශ්යට වූවක් බවත් උන්වහස්නේ පෙන්වා දෙති.
මේ රටේ සියලුම ජනතාවට ජීවත් වීමේ අයිතිය පවතින බවත්, ඒ අයිතිය තහවුරු කරන්නට මුල් විය යුත්තේ රට කරවන නායකයන් බවත් උන්වහ්සේගේ අදහස ය.
‘මුස්ලිම් ජනතාව කියන්නේ ඉතාම හොද පිරිසක්. අනාදිමත් කාලෙක ඉදං ගම්මානවල නැකම් කියාගෙන ජීවත්වුණු ව්යායපාරික කටයුතුවල නිරත මුස්ලිම් බහුතරයක් ඉන්නේ ගම්වල සිංහල ජනතාව සමග. අද ඇතිවෙලා තියෙන තත්වය නිසා මධ්යුස්ථ මුස්ලිම් ජනතාව ඉතාම අසරණ තත්වයකට පත්වෙලා තියෙනවා. වහාම මේ තත්වය නිවැරදි කළ යුතුයි.දේශපාලකයන් කටයුතු කරන්නේ මැතිවරන දිහා බලාගෙන. මැතිවරණ පවත්වන්න රටක් ඉතුරුවෙන්න ඕන.
ලංකාව වැනි බහු වාර්ගික රටකට සමගිය අත්යතවශ්ය යි. ටී.බී.ජයා වැනි මුස්ලිම් නායකයින් මේ රටට නිදහස ලබාගැනීම සදහා සිදු කළ අරගලයේදී විශාල මෙහෙවරක් කරපු එක් අයෙක්. ඒ වගේම මේ රටේ උන්නතිය සඳහා මුස්ලිම් ජාතිකයන් විශාල මෙහෙවරක් කර තියෙනවා. බහුවාර්ගික රටක පාලන තන්ත්රදයෙන් ඉස්ලාම් අය ඉවත්වුණාම, උඩරට කඳුකරයේ වතු කම්කරු නායකයන් වගේම උතුරේ දෙමළ පක්ෂත් ඉවත් වුණොත් වර්ගවාදී තත්වයක් ඉබේම නිර්මාණය වෙනවා. කළයුත්තේ ඒක නෙවෙයි. සියලු ජාතීන් අතර සියලු පක්ෂ අතර සංහිඳියාව, සමගිය ඇතිකර වැරදිකරුවන් සොයා ඔවුනට නිසි දඬුවම් ලබාදීල සමාජ ශෝධනයක් සිදු කළ යුතුයි. සියලුම දේශපාලන නායකයන්ට අපේ මහානායක හිමිවරුන්, කාදිනල්තුමා, මව්ලවිවරුන් ඇතුළු සියලුම ආගමික නායකයින් නායකත්වය දෙන්න සූදානම්. මේ තත්වය තවත් දියුණු කරල රටේ සියලු දෙනා එකට අත්වැල් බැඳගන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් නොකළොත් අපිට සිද්ද වෙන්නෙ ජාතියක් වශයෙන් රට වෙනුවෙන් වන්දි ගෙවන්නයි.

 

ගෝලීය පුරවැසි සංකල්පය
අරගල නිමාකිරීමට මඟයි

/

ලොව පුරා විවිධ ජාතින් අතර නිරන්තරවම සිදුවන විවිධ වූ ගැටුම් අරගල නිමාකිරීමට දැනට සාකච්ඡා වෙමින් පවතින ගෝලීය පුරවැසි සංකල්පය වඩාත් යෝග්යට බව සිවිල් සමාජ ක්රි්යාකරුවෙකු මෙන්ම නිදහස් මතධාරියෙකුවන ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න මහතාගේ අදහසයි.
‘අප්රේෙල් ප්රමහාරය අසූතුනේ කළු ජූලියක් කරගන්න තමයි සමහරුන් උත්සාහ කළේ. සංහිදියාව ගැන නිරන්තරවම ගෙනගිය වැඩපිළිවෙළ නිසා මහජනයා ඒ ගැටුම්කාරී පසුබිමක් කරා රැගෙනයෑමට හැකියාවක් ලැබුණෙ නැහැ.
බහු ආගමික බහු ජාතික සංස්කෘතියක් ජීවත්වන රටකට වුවමනා ව්ය්වස්ථාමය ප්රකතිපාදන අපි තවම හොයාගෙන නැහැ. ජාති ආගම් භේදයකින් තොරව ප්රඅජාතන්ත්රවවාදය භුක්තිවිදීමට පහසුකම් අපේ ව්යිවස්ථාවෙන් හදල නැහැ.මේ හේතුවෙන් අවුරුදු විසි හතක් යුද්දෙකට ගියා. මුස්ලිම්වරුත් මේකෙන් දුක්වින්ද. කාන්තන්කුඩි සිද්ධිය මීට උදාහරණයක්.මේ සිදුවීමේ ප්රයතිපලයක් වුණේ ජාතිය ඉදිරියට පක්ෂ හදන එකයි. මේ ඇතැම් නායකයන් කීවේ තරුණ කණ්ඩායම් අවිආයුධ ගැනීමේ අවදානමෙන් වළක්වල ප්ර.ජාතන්ත්රදවාදී ප්රහවාහයට ගැනීමට තමයි මේ පක්ෂ හැදුවේ කියල. බේරුවල දර්ගා නගරයේ සිදුවීම වගේම මහනුවර දිගන සිදුවීම් ද අපිට අනුමත කරන්න බැහැ. මේ සිදුවීම්වලින් පසුව වර්ගවාදී අන්තවාදී බීජය රෝපණය වෙන්න පටන් ගත්ත. මේ තත්වය මත ආගමයි දේශපාලනයයි එකට ගැටගැහිල විවිධ තීන්දු තීරණ ගන්න පසුබිමක් නිර්මාණය වුණා. සාමාන්යැ ජනතාව මේ ක්රි්යාදාමයෙන් පසෙකට තල්ලු වුණා.
මේ තත්වයත් සමඟ සුළුතර ජාතික මානසිකත්වයක් නිර්මාණය වෙනවා. මේක භයානක රෝගයක්. මේ හේතුවෙන්  ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකිනෙකාගෙන් වෙන්වෙනවා. විවිධ වූ මතවාද සමඟ මේ පිරිස් ඔවුන් අන්තවාදයට යොමුවෙනවා.
ජනතාවගේ හඬට කන් දෙන රජයක් නම ජනතාව ඒ ගැන විශ්වාසය තබනවා. මහජනතාව තුළ විශ්වාසයක් ඇති විය යුතුයි තමන් රජය විසින් සුරක්ෂිත කරනු ලබන බවට. පහුගිය අප්‍රේල් සිදුවීමත් සමඟ මේ සුරක්ෂිතතාව ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා. ජනතාව චෝදනා කරනවා තොරතුරු ලැබී තිබියදීත් තමන් ආරක්ෂා කළේ නැහැ කියල. රාජ්‍යයක ස්වභාවය තමයි සමාජයෙන් පිළිඹිබු වන්නේ. රාජ්‍යය ආගම්වාදී හෝ අන්තවාදී නම් සමාජයත් පෙන්වන්නේ එම ස්වරූපයයි.
අදවෙනකොට සිංහළ දෙමළ මුස්ලිම් පුරවැසි කමිටුවලින් වැඩක් නැහැ. අප යා යුත්තේ ගෝලීය පුරවැසි කමිටුවක් නිර්මාණය කිරීම සදහායි. සුළුතර මානසිකත්වයෙන් මිදිල විසල් මානසිකත්වයක් කරා අප යායුතුයි. මෙගා මයින්ඩ් මාසිකත්වය තුළින් බෙදීම් ඇතිවෙන්නේ නැහැ. මෙහිදී අපිට දකින්න ලැබෙන්නේ ගෝලීය පුරවැසියන්. ජාති ආගම් කුල භේද නැති මනුෂ්‍ය පිරිසක්. එකිනෙකාට ජීවත්වෙන්න උපකාර කරන පිරිසක් තමයි හමුවෙන්නෙ. දැන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩිදෙනාගේ කැමැත්තට ඉඩදීම හෙවත් බහුත්වාදය. වැඩිදෙනා වැරදිනම් තීරණයත් වැරදිවෙනව. වැඩිදෙනාගේ කැමැත්ත පිළිගන්න අමාරුයි. සත්ය. සාපේක්ෂ නැහැ නිරපේක්ෂයි. අද වෙනකොට ශීඝ්‍ර දියුණුවක් ලබා තිබෙන සන්නිවේදන ක්‍රියාවලිය ගෝලීය පුරවැසි සංකල්පය වර්ධනය කර ගන්නට වේදිකාවක් ලෙස භාවිත කිරීමෙන් ඉතාම හොද ප්‍රතිපල ලබාගන්න පුළුවන්.