ජනාධිපතිතුමා පොදු අපේක්‍ෂකයා ලෙස
විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කරන්න එකඟ වුණා
බලයට පත් වීමට පෙර ආණ්ඩුවේ නායකයන්ගේ ප්‍රධාන සටන්පාඨයක් වූ ‘නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම’ පිළිබඳ වත්මන් තත්ත්වය කෙබඳුද? පා.ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඒ පිළිබඳ ප්‍රමුඛ කාර්යධරයෙකි.
ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය දිගින් දිගටම කියන දෙයක් තමයි ජනමත විචාරණයක් සහිත ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ නැහැ කියන කාරණය. එම ස්ථාවරයේ පදනම මොකක්ද?
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම නිල ප‍්‍රකාශයක් මම දැක්කෙ නැහැ. නමුත් පක්‍ෂයේ සමහර සමාජිකයෝ එහෙම කියනවා මම දැකලා තියෙනවා.
ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ස්ථාවරයේ වෙනසක් නැද්ද?
එය ඔවුන්ගෙන් ඇසිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ වෙනසක් මට පේන්නේ නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ එක් එක් අය කියන දේවල් අනුව අපිට කටයුතු කරන්න බැහැනෙ. අපි කටයුතු කරන්නෙ එම පක්‍ෂයේ නිල ස්ථාවරයන් එක්ක.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟ නොවී තිබෙන කරුණු තියෙනවාද?
කරුණුමය වෙනස්කම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්. මූලික කාරණා තමයි විධායක ජනාධිපති ක‍්‍රමය, මැතිවරණ ක‍්‍රමය, බලය බෙදාහැරීමේ මූලධර්ම, රාජ්‍යයේ ස්වරූපය, බුද්ධාගම වැනි කරුණු. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා කියලා තියෙනවා නොබෙදිය හැකි රටක් තුළ තමයි කටයුතු කරන්නේ කියලා. එය ඉතාම පැහැදිලියි. එම නිසා ඒ පිළිබඳව ඔවුන් අතර වෙනස් මතයක් නැහැ. බුද්ධාගමට වර්තමාන ව්‍යවස්ථාවෙහි සඳහන්ව තිබෙන ස්ථානය වෙනස් කරන්නෙ නැහැ කියන එක දෙදෙනාම පැහැදිලිව කියා තිබෙනවා.
මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් ගත්තොත්, මිශ‍්‍ර ක‍්‍රමයක් තිබිය යුතු බවට මෙහෙයුම් කාරක සභාවේ පක්ෂ අතර පුළුල් එකඟතාවයක් තියෙනවා. එකඟ වීමට තිබෙන කාරණා වෙන්නේ, සීමා සහිත බහු ආසන සංඛ්‍යාවක් තියා ගන්නවද? සමානුපාතික ක‍්‍රමය ගණනය කරන්නෙ ජාතික මට්ටමින්ද පළාත් පාලන මට්ටමින්ද? සුළු පක්‍ෂ නියෝජනයක් ලබාදීම සඳහා අවම ප්‍රතිශතයක් තිබිය යුතුද, එසේනම් එය කීයද? යන කාරණා.
ආසන ක්‍රමය අනුව හැම ඡන්ද දායකයාටම තමන්ගේ මන්ත්‍රීවරයෙකු සිටිය යුතු අතරම, පාර්ලිමේන්තුවේ සමස්ත සංයුතිය තීරණය විය යුත්තේ පක්‍ෂයට ලැබෙන ඡන්ද අනුවයි. ඡන්ද දායකයින්ට එක් ඡන්දයක් ආසනයටත් අනෙක් ඡන්දය පක්‍ෂයටත් ලබා දිය හැකියි.
පක්‍ෂයටත් ලබා දෙන ඡන්ද අනුව තමයි පාර්ලිමේන්තුවේ සමස්ත සංයුතිය තීරණය වෙන්නෙ. එය ඉතාම හොඳ තත්ත්වයක් හැටියටයි අපි දකින්නේ.
බලය බෙදා හැරීම පිළිබඳව මූලික එකඟතාවයක් තියෙනවා. ප්‍රමාණවත් සහ ගුණාත්මක ලෙස බලය බෙදා හැරිය යුතුයි කියලා. විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මම කටයුතු කරන්නේ ජනාධිපතිතුමා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය අනුවයි. ජනාධිපතිතුමා පොදු අපේක්‍ෂකයෙක් හැටියට එන්න තීරණය කරලා ආණ්ඩුවෙන් ඉවත් වී ආ දින සවස නව නගර ශාලාවේදී පැවති පුවත්පත් සාකච්ඡාවේදී එතුමා බෙහොම පැහැදිලිව කිව්වා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඉන්පසු දෙසැම්බර් මුල විහාර මහා දේවි උද්‍යානයේදී සෝභිත හිමියන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, වර්තමාන අගමැතිතුමා, විවිධ පක්‍ෂවල නායකයො, පුරවැසි සංවිධානවල නියෝජිතයන්ගෙ සහභාගිත්වයෙන් සංවිධාන 49 ක් අත්සන් තබලා අවබෝධතා ගිවිසුමක් ඇති කරගත්තා. එහිදී ජනාධිපතිතුමා ඇතුලූ අපි සියලූ දෙනා විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කරනවා කියලා එකඟ වුණා.
/
ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරු නඟන තර්කය තමයි මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන සංශෝධනවලට පමණක් යා යුතුයි යන්න සඳහන් වුණා කියන එක.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව වැඩිකල් යන්නට මත්තෙන්. ව්‍යවස්ථා සංශෝධනට යා යුතුයි කියන එකගතාව තිබුණා. එමෙන්ම ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට යා යුතුව තිබුණා. එම නිසා තමයි ජනමත විචාරණයකට යන්නෙ නැතිව දින සියය ඇතුළත කළ හැකි උපරිම දේ කරන්න එකඟ වුණේ. ඒ අවස්ථාවේදී ජනමත විචාරණයකට යන්නේ නැහැ කියලා තීරණය වුණාට එයින් අදහස් වෙන්නේ නැහැ, කිසිම දවසක ජනමත විචාරණයකට යන්නෙ නැහැ කියලා.
මේ පිළිබඳව අවසාන තීරණය ගන්නෙ මේ රටේ ජනතාව. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ පරමාධිපත්‍යය බලය අයිති ජනතාවට. පාර්මේන්තුවට නොවෙයි. එහෙම නම් ඇයි ජනතාවගෙන් අහන්නේ නැත්තෙ?
ඒ සඳහා පිළිතුර වී තිබෙන්නෙ මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පැවැත් වුවහොත් නියත ලෙසම ආණ්ඩුව පරාජයට පත් වෙනවාය කියන කාරණය.
ඒක දේශපාලනික කාරණයක්. එය දේශපාලකයන් වශයෙන් කිරලා මැනලා කළ යුතු දෙයක්. ජනමත විචාරණය පරාජය වෙනවා කියලා මම කොහොමත් පිළිගන්නේ නැහැ. හැබැයි ජනමතවිචාරණයක් පැවැත්විය යුත්තෙ කුමන වේලවකදීද යන්න කල්පනා කර බලා තීරණය කළ යුතුයි. ජනමත විචාරණයක් තියන්නෙ නැතිව ජනතාවට හොරෙන් ව්‍යවස්ථාවක් හදන්න ඕනෙ කියන එක ඉතාම පසුගාමී අදහසක්. අපි 1972/78 ව්‍යවස්ථා හැදුවෙත් ජනතාවගෙන් අහන්නෙ නැතිව.
බලය බෙදීමට සහ ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙනවට විරුද්ධ අය කියන්නේ ජනමත විචාරණයක් කියන්න එපා කියලයි. ඔවුන් කියන්නෙත් මේ රටේ ජනතාවගෙන් අහන්න එපා කියලයි.
ඒ සඳහා අපි උත්තර දෙන්න ඕනෙ. විශාල වැඩපිිළිවෙළක් ගෙන යා යුතු වෙනවා. 1994 – 2000 අතර කාලය තුළ එවැනි වැඩපිළිවෙළක් රටේ තිබුණා. 1995, 1996 බොහොම විද්‍යානුකූලව ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන පිටරට සමාගමක් ඇවිත් ජනමතය මොකක්ද කියලා බලනකොට බලය බෙදා හැරීමට පක්‍ෂව හිටියෙ 28% යි. පසුව ‘සුදු නෙළුම’ ‘තවලම’ නමින් විශාල වැඩපිළිවෙළක් දියත් කෙරුණා. ජනතාවට මෙය තේරුම් කරලා දීලා නැවත ජනමතය පරීක්‍ෂා කර බැලීමේදී සිංහල ජනතාවගේ බලය බෙදා හැරීමට ඇති කැමැත්ත 68%කින් වැඩි වෙලා තිබුණා. ඊළඟට වුණේ එල්.ටී.ටී.ඊ. ය දළදා මාළිගාවට බෝම්බ ගැහුවා. එයින් තත්ත්වය මුළුමනින්ම වෙනස් වුණා. ඒක පාර්ලිමේන්තුවේ අන්තිම කාලය දක්වා ඇදී ගියා.
අද අලූත් ව්‍යස්ථාවට විරුද්ධ කොටස්වලට තමන්ට තියෙන ජනතා සහායට වඩා වැඩි මාධ්‍ය ආවරණයක් තියෙනවා. සමහර මාධ්‍ය තවමත් පාලනය කරන්නෙ පැරණි පාලකයන්. එවැනි තත්ත්වයක් යටතේ ඔවුනට තියෙන්නෙ පුම්බපු සහයෝගයක්. ආණ්ඩුව ඒකට බිය විය යුතු නැහැ.
ආණ්ඩුව කරන්න ඕනෙ මේ පිළිබඳව ජනතාව සමඟ අවංක සාකච්ඡාවක් සිදු කිරීමයි. පළමුව ප‍්‍රධාන පක්ෂ දෙක ව්‍යවස්ථාව පිළිබඳ එකඟ වෙලා ජනතාව ඉදිරියට යාමයි.
මෙහෙයුම් කාරක සභාවේ වාර්තාව නිකුත් වෙන්නේ කවදද?
මෙහෙයුම් කාරක සභාවෙ අතුරු වාර්තාව හැකි තරම් ඉක්මනින් අපි ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව දැනට සාකච්ඡුා වෙමින් පවතිනවා. ඒ පිළිබඳව වැඩි විස්තර කියන්න මට අවසර නැහැ. දැනටමත් ජනාධිපතිතුමා ප‍්‍රසිද්ධියේ කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ සන්ධානය එක්ක සාකච්ඡුා කෙරුවා කියලා. ඒ සඳහා සකස් කෙරුණු යම් යම් ලේඛනවලට මමත් දායක වෙලා තියෙනවා. ඊයේ මෙහෙයුම් කාරක සභාව නැවත රැස් වුණා. ප‍්‍රගතියක් තියෙනවා කියලා පේනවා.
විග්නේෂ්වරන් මහත්මයා උතුරේ කරන ප‍්‍රකාශ දිහා බැලූවහම බෙදුම්වාදයට තල්ලූ වෙනවද කියන ප‍්‍රශ්නෙ මතු වෙනවා. ටී.එන්.ඒ ස්ථාවරය ව්‍යවස්ථා කි‍්‍රයාවලියට මොන විදිහෙ බලපෑමක් වේවිද?
ටී.එන්.ඒ. එක කියන්නෙ විග්නේෂ්වරන් නෙවෙයි. මම පසුගියදා යාපනයේ දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡුාවක හිටියෙ. ලැබෙන තොරතුරු අනුව විග්නේෂ්වරන්ට තියෙන්නෙ ඉතාම අල්ප සහයක්. සම්බන්දන් මහත්මයාගේ නායකත්වයෙන් යුත් පිරිසට තමයි ජන සහයෝගීත්වයක් තියෙන්නෙ. ටී.එන්.ඒ. එක සම්බන්දන් මහත්මයාගේ නායකත්වය තියෙන අතරතුර මේ ව්‍යවස්ථා කි‍්‍රයාදාමය කරගන්න බැරි වුණොත් අපිට කවදා මේක කරගන්න පුලූවන් වෙයිද දන්නෙ නැහැ. ඔහු එවැනි මධ්‍යස්ථ මතධාරී පුද්ගලයෙක්. ඔහු ඉතා පැහැදිලිව කියනවා නොබෙදිය හැකි තනි රටක් තුළ මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි කියලා.
/
බෙදුම්වාදය කරා යාමට තුඩු දෙන ක්‍රියාවන් යම් පළාත් සභාවක් කළොත් එම පළාත් සභාව විසුරුවා හැරිය යුතුයි කියලා වත්මන් ව්‍යවස්ථාවෙ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගෙ කාලෙ වර්ධරාජා පෙරුමාල්ගෙ සිද්ධිය වුණු වෙලාවෙ එම පළාත් සභාව විසුරුවා හරින්න වෙනම පනතක් ගේන්න සිද්ධ වුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අදත් එවැනි ප‍්‍රතිපාදනයක් නැහැ. මෙවර යෝජනා කරලා තියෙනවා යම් කිසි පළාත් සභාවක් රටේ භෞමික අඛණ්ඩතාවයට හානි වන අන්දමින් බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් කටයුතු කරනවා නම් එම පළාත් සභාවේ අවශ්‍ය බලතල කේන්ද්‍රයට පවරා ගැනීමට බලය තිබිය යුතුයි. ඉතාම නරක තත්ත්වයක් නම් තියෙන්නෙ පළාත් සභාව සම්පූර්ණයෙන් විසුරුවා හැරීම සඳහා කටයුතු කළ හැකි බවට. ටී.එන්.ඒ. එක මෙම යෝජනාවට සම්පූර්ණයෙන් එකඟයි. මෙවැනි නම්‍යශීලීභාවයක් නැවත ලබා ගන්න පුළුවන් වෙන එකක් නැහැ.
දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා දෙමළ ජාතික සන්ධානයද? දෙමළ ජනතාවගේ ඇත්ත මතය මීට වඩා වෙනස් වෙන්න බැරිද?
එහෙම බැලූවොත් කවදාවත් විසඳුමක් දෙන්න බැරි වෙයි. එය බොහොම අසාධාණ තර්කයක්නෙ. එහෙමනම් දෙමළ ජනතාව අපේ පක්ෂ පිළිබදවත් එම තර්කයම ගෙනෙයිනෙ. දෙමළ ජනතාවත් කියයි මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමායි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමායි මෙහෙම කිව්වට ජනතාව ඉන්නෙ වෙන තැනක කියලා. එවැනි උපකල්පනයන් තුළින් රටක් ගොඩනගන්න බැහැ. ඒ ඒ ජන කොටස්් තමන්ගේ නියෝජිතයන්ව පත් කරලා පාර්ලිමේන්තුවට එවලා තියෙනවා. ඒ අය සමඟ තමයි තීරණ ගන්නෙ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙසින් ප‍්‍රකාශ වන දේවල් අනුව මහජනතාව හිතනවා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම කවදාවත් කරන්න බැරි දෙයක් වේවි කියලා. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ?
මම නැවතත් කියන්නෙ එම ප‍්‍රකාශ එකක්වත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ් නිල ප‍්‍රකාශය නෙවෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එවැනි ප‍්‍රකාශයක් සිදු කළහොත් එතකොට ඒකට මුහුණ දෙමු. ඒ රට ව්‍යාකූල තත්ත්වයකට ඇද දමන ප‍්‍රකාශ කරන සෑම දෙනාම පාහේ ජනවාරි අට වැනිදා හිටියෙ මෛතී‍්‍රපාල මැතිතුමාට විරුද්ධව. එම නිසා ඔවුන් ජනවාරි අටේ වෙනසේ කොටස්කරුවන් නෙවෙයි. ජනවාරි අටේ වෙනස ඔවුන්ගේ හදවතට දැනෙන්න නැහැ. එම නිසා ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අය කියලා අපි කියන්නෙ නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය එක්කයි අපි කටයුතු කරන්නෙ.