භාෂා තුනෙන්ම පරිවර්තන පහසුකම ලබා දෙන එකම පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තනය
ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය විධිමත් ලෙස ක්‍රියාත්මක වන තැනක් ඇත්නම් ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. 1957දී පළමු වරට සමගාමී භාෂා පරිවර්තන කාර්යය ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයට හඳුන්වා දෙන ලදි. ආසියානු කලාපය තුළ සිය ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මෙම පහසුකම හඳුන්වා දුන් ප්‍රථම රට වන්නේද ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය විධිමත් ලෙස ක්‍රියාත්මක වන තැනක් ඇත්නම් ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. 1957දී පළමු වරට සමගාමී භාෂා පරිවර්තන කාර්යය ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයට හඳුන්වා දෙන ලදි. ආසියානු කලාපය තුළ සිය ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මෙම පහසුකම හඳුන්වා දුන් ප්‍රථම රට වන්නේද ශ්‍රී ලංකාවයි.
ආරම්භයේදී මෙම පහසුකම සිංහල හා දෙමළ කතා ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කිරීමට පමණක් සීමා විය. අනතුරුව මෙය ව්‍යාප්ත කරන ලද අතර දැන් ඉංග්‍රිසි, සිංහල හා දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තන පහසුකම ලබා ගත හැකිය.
ප්‍රධාන භාෂා පරිවර්තකයෙකු යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක අංශයෙහි භාෂා පරිවර්තකයින් 36 දෙනෙක් සේවයේ නිරත වෙති. මෙම රැකියාවේ ඇති සුවිශේෂත්වය වනුයේ, කතාව හා එමගින් ලබා දෙන සමගාමී ක්ෂණික අර්ථ තුළය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ලබන සියලූ කතා අනෙකුත් භාෂා දෙකට පරිවර්තනය වීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. උදාහරණයක් වශයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉංග්‍රිසියෙන් කතා කරන්නේ නම් ඔහුගේ/ඇයගේ කතාව එකවර සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කෙරෙනු ඇත.
ප්‍රියංකර පෙරේරා, 1999 සිට පාර්ලිමේන්තුවේ වසර 18ක් තිස්සේ භාෂා පරිවර්තන කාර්යයෙහි නියැලී සිටියි. පාර්ලිමේන්තුව තුළ කාර්ය බහුල වී සිටින අතරවාරයේ වුවද ඔහු සමඟ කාලය ගත කරමින් භාෂා ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන අන්දම ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. ලංකාවේ පාර්ලිමේන්තුවේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන අන්දම ගැන ප්‍රියංකර පෙරේරා මහතා වැඩි දුරටත් විස්තර කළේය.
ලෝක ආදර්ශයක්‘‘ලෝකයේ පාර්ලිමේන්තු ගත්තොත් ලංකාවේ පාර්ලිමේන්තුව තමයි, රටේ භාවිත වන භාෂා ත්‍රිවයෙන් එකම අවස්ථාවේදී පරිවර්තන පහසුකම ලබා දෙන පාර්ලිමේන්තුව වෙන්නෙ. භාෂා රාශියක් තියෙන ඉන්දියාවේත් පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙන්නෙ හින්දි භාෂාවෙන්. වෙනත් භාෂාවකින් දෙයක් ඉදිරිපත් වෙනවා නම් සතියකට කලින් එය පාර්ලිමේන්තුව වෙත ලබා දිය යුතු වෙනවා. බටහිර ඇතුළුව අනෙකුත් රටවල්වල පාර්ලිමේන්තුවලත් බොහෝ විට කටයුතු කෙරෙන්නෙ එක් ප්‍රධාන භාෂාවකින් විතරයි.
අපේ පාර්ලිමේන්තුවේ කටයුතු සෑම එකක්ම භාෂා තුනෙන් ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා. ලිපිලේඛනවලින් 80%ක් පමණ භාෂා තුනෙන්ම ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙ කතා ශ්‍රවණ උපකරණ හරහා භාෂා තුනෙන්ම ලබා දෙනවා. රූපවාහිනිය මගින් භාෂා තුනට අදාළව චැනල් තුනක් ක්‍රියාත්මක වෙනවා.”
ප්‍රියංකර මහතා පාර්ලිමේන්තුවේ භාෂා ක්‍රියාවලිය ගැන එසේ පවසද්දී පරිවර්තකයෙකු ලෙස ඔහුගේ වගකීම කුමක්ද යන්න ගැනත් විමසුවෙමි.
පැය බාගයේ සේවා මුරය‘‘ජාත්‍යන්තරයේ පිළිගත් ක්‍රමවේදය අනුව පැය භාගයක් එක දිගට පරිවර්තනයේ යෙදුණොත් පැය තුනක විවේකයක් ගත යුතු වෙනවා. එම නිසා සාමාන්‍යයෙන් දිනකට තුන් පාරක් විතර තමයි අපි පරිවර්තන කාර්යයේ නිරත වෙන්නෙ. ඒ හැරෙන්නට කාරක සභාවල කටයුතුත් පරිවර්තනය කරන්නෙත් අපියි.”
උදෑසන සේවයට වාර්තා කරද්දි දවසේ වැඩ කටයුතුවලට අදාළ කාලසටහන භාෂා පරිවර්තක වෙත ලැබෙයි. දවසේ සිය කාර්යභාරය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඊට අදාළවය. එහෙත් සභා ගැබේ සිදුවන කතා පරිවර්තනය කිරීමට අමතරව කාරක සභාවලින් ඉල්ලීම් කළ අවස්ථාවලදී පරිවර්තන පහසුකම් සැපයීමට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයින් සූදානමින් සිටිය යුතුය.
‘‘කාරක සභාවලට පරිවර්තන පහසුකම ලබා දීමේදී පරිවර්තනය අවශ්‍ය මන්ත්‍රීවරුන් සමීපයට ගොස් පරිවර්තනය කිරීමට සිදු වෙනවා. සභා ගැබේ කතාවලදී මෙන් කාරක සභා රැස්වීම්වලදී සියලූ දෙනාටම එකවර පරිවර්තන පහසුකම ලබාදීම අපහසු නිසා එහෙම කරන්න වෙනවා.”
අභියෝගාත්මක වගකීමක්සමගාමී අර්ථවත් පරිවර්තනයක් සිදු කිරීම පහසු කටයුත්තක් නොවෙයි. දක්ෂ පළපුරුදු පරිවර්තකයෙකුට වුවත් සිය වගකීම් ඉෂ්ට කිරීමේදී විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙනවා. ඒ පිළිබඳව ප්‍රියංකර මහතාගේ අදහස කුමක්දැයි විමසුවෙමි.
‘‘පරිවර්තන කටයුත්තේදී යම් යම් දේවල් මඟහැරෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි නොකියපු දෙයක් පරිවර්තනයේදි කියවිලා තියෙනවා නම් ඒක බරපතළ වරදක්. තමන් මොන ප්‍රශ්නයකට මුහුණ දීලා හිටියත් පරිවර්තන කාර්යයට යන්න වෙන්නෙ ඒ සියල්ලම පැත්තකින් තියලා. ප්‍රශ්න ඔළුවෙ තියාගෙන මේ වැඬේ කරන්න බැහැ. සමහර වෙලාවට ප්‍රශ්නයක් ආවහම පරිවර්තනය වැරදියි කියලා කියන්න මන්ත්‍රීවරු දක්ෂයි. ඒ වගේ වෙලාවල්වල කතානායකතුමා අපිව ගෙන්වලා විමර්ශනයක් කරනවා. පරිවර්තනයට නැවත ඇහුම්කන් දීලා අපි හරි නම් අපිව නිදහස් කරලා එවනවා.
වතුරේ යන ‘සූදානම’පහුවෙනිදට තියෙන විෂයට අදාළව පොතපත පරිශීලනය කරලා අදාළ වචන පිළිබඳව දැනුවත්කමක් ලබාගෙන තමයි අපි පරිවර්තන කාර්යයට යන්නෙ. ඒත් සමහර වෙලාවට කියනවා ‘අද ඕක නෙවෙයි ගන්නෙ අග්‍රාමාත්‍යතුමාගේ කතාව’ කියලා. ඒ වෙලාවට අපි කටපාඩම් කරගෙන ගිය වචන එහෙම සත පහකට වැඩක් නැහැ. විෂයට, මාතෘකාවට අදාළව කතා කරන මන්ත්‍රීරුන් ඉන්නෙ අතළොස්සයි. එම නිසා අපි සූදානම් වෙලා ගියාට අපේ පැය බාගෙ ඇතුළත බොහෝ වෙලාවට මතෘකාව ගැන කතා කෙරෙන්නෙම නැහැ.
මං එක අත්දැකීමක් කියන්නම්. මීට වසර ගණනාවකට කලින් සටන කියන පත්තරේ කර්තෘව ඝාතනයට ලක් වුණා. එදා පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන තිබුණෙ ධීවර කර්මාන්තයයි. අස්වර් කියන මන්ත්‍රීතුමා විවාදයේ එතුමාගෙ කතාව වෙලාවෙදි ‘රෝහණ කුමාරව පාරෙ බල්ලෙක් වගේ මරලා දාලා තියෙනවා, මෙහෙමද මාධ්‍යයට සලකන්නේ මාධ්‍ය දඩයම් කරනවා ‘ කියලා චෝදනා කරන්න ගත්තා. ඒ වෙලාවෙ මූලාසනය ස්ථාවර නියෝග යටතේ මන්‍ත්‍රීතුමා මාතෘකාවට අදාළව කතා කරන්න, ඒකට අපි වෙනම විවාදයක් ගනිමු කිව්වා. ඒ වෙලාවෙ අස්වර් මන්ත්‍රීරයා කිව්වා මාතෘකාවට අනුව තමයි කතා කරන්නෙ. අද මාතෘකාව ධීවර කර්මාන්තය. ඝාතනයට ලක්වුණ රෝහණ කුමාරගේ බත එකේ අද සාලයෙක් බැදලා ගෙනැල්ලා තිබුණා. ඒක කන්න හම්බවුණේ නැහැ මේ මනුස්සයට. ඒ නිසා මේක අදාළයි කිව්වා. ඉතින් කාටවත් කටඋත්තර නැහැ. අපි කතා කරන්න ගියේ ධීවර කර්මාන්තය ගැන. රෝහණ කුමාර ගැන තමයි විනාඩි 20ක් විතර කතා කරන්න වුණේ. දෙයක් අදාළ නැහැ කිව්වම අදාළ කරගන්නත් ඒගොල්ලො දන්නවා. අපිට ඉතින් කර කියාගන්න දෙයක් නැහැ.
බොරු සහ කුණුහරුපසමහර වෙලාවල්වල අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බැණ ගන්නවනෙ. ඒ වෙලාවලදි මොකද කරන්නෙ?
“පාර්ලිමේන්තුවේ අසභ්‍ය වචන කියා දෙයක් නැහැ. තියෙන්නෙ පාර්ලිමේන්තුවට ගැළපෙන වචන සහ නොගැළපෙන වචන. ඒ වගේ නොගැළපෙන වචනයක් වුණත් අපිට පරිවර්තනය කරන්න වෙනවා. අපිත් ඒවා කියනවා. අපි වැඩ කරන්නෙ කන් දෙකට. හැන්සාඞ් එක වැඩ කරන්නෙ ඇස් දෙකට. මුද්‍රණය වෙන එකෙයි වරද. පරිවර්තනය කරද්දි අසභ්‍යය වචන කියන එකේ වැරැද්දක් නැහැ. අපි නෙවෙයිනෙ ඒවා කියන්නෙ. මන්‍ත්‍රී කෙනෙක්නෙ. එයාට කියන්න පුළුවන් නම් අපි පරිවර්තනය කරන එකේ ප්‍රශ්නයක් නැහැනෙ. අසභ්‍ය වචනයට සමාන එකක් අපි කියලා දානවා. හැබැයි වෙන ඒවා කියන්න බැහැ. ඒගොල්ලො කියපු එකක කොපිය තමයි කියන්න ඕනෙ.”
වැඩ බැරිනම් බෑඅනෙක් රස්සාවල් දිහා බලද්දි ඔබේ රැකියාවෙ තියෙන විශේෂත්වය මොකක්ද කියලා ඇහුවොත්?
‘‘අනෙක් රස්සා එක්ක බලද්දි මේකෙ තියෙන විශේෂත්වය තමයි කවුරු මෙතනට ආවත් මේ වැඩේ කරන්න බැරි නම් යන්න වෙනවා. හෙඩ් ෆෝන් එක දාලා මයික් එකට කියද්දි පරිවර්තනය කරන්න බැහැයි කියන එක තේරෙනවා.
භාෂා තුනම දන්න මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්නවද?
‘‘භාෂා තුනම දන්න මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉන්නවා. භාෂා දෙකම දන්න මන්ත්‍රීවරු හුඟ දෙනෙක් ඉන්නවා.
ප්‍රතිචාර සහ ප්රතිපෝෂණයඅපි හැමවිටම පරිවර්තනය කරන්නේ කථිකයාගේ භාෂාවයි, අපේ එසැනින් පරිවර්තනයයි යන දෙකම බොහෝ දෙනෙක් එකවර සවන් දෙනවා ඇති කියන සිතුවිල්ලෙන්. කතා පරිවර්තක කාර්යාලයේ ප්‍රධානීන් ඇතුළු අනෙකුත් කාර්යාලවල නිලධාරින් පවා අපගේ පරිවර්තන නිතර අසනවා. ඔවුන් හමු වූ විට අපෙන් කරන විමසීම්වලින් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා. අපි සත්‍ය වශයෙන්ම කථා පරිවර්තනය කරන්නේ ගරු මන්ත්‍රීවරුන්ට ඉලක්ක කර ගෙන වුවත් ජනමාධ්‍යවේදීන් පවා එයින් ප්‍රයෝජන ගන්නවා. මේ විදියට බැලුවම අපගේ වෘත්තිය හැම මොහොතේදීම අධීක්ෂණයට ලක්වනසුළු වෘත්තියක්. අපේ කථා පරිවර්තනයක ගුණාගුණ ප්‍රතිපෝෂණයක් එය අසා සිටි අයගෙන් එවෙලේම දැනගන්න පුළුවන්. ඒකත් මේ වෘත්තියේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. භාෂාවට යම් අලුත් සංකල්පයක්, වචනයක්, වාගාලාපයක්, කාලීන රූඪියක් වැනි අංගයක් එකතු වූ වහාම ඒ ගැන කාර්යාලයේ මිතුරන් සමග වාද විවාද කර ඊට ගැළපෙන සිංහල දෙමළ ඉංග්‍රීසි යෙදුම පිළිබඳව අපි අතර එකඟතාවයකට එනවා.
ඒවගේම තමයි වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල භාෂා පරිවර්තකයින් අපිට නිතරම දුරකථනයෙන් කථා කර එක් පදවල නිවැරදි පරිවර්තන ගැන විමසනවා. ඒ අය අපි කවදාවත් දැක නැහැ. නමුත් ඔවුන්ට අවශ්‍ය නිවැරදිම පරිවර්තන දුරකථනයෙන්ම ලබා දෙන්නේ නොමිලයේමයි. ඒ ගැනත් බාහිර භාෂා පරිවර්තකයින් අතර අපගේ කථා පරිවර්තක කාර්යාලයට ගරුත්වයක් තිබෙනවා.